1948 වසරේදී ඇමරිකා එක්සත් ජනපදය හදුනානොගත් පියාසර යානා සම්බන්ධයෙන් සෙවීමට ආරම්භ කළ රහසිගත මෙහෙයුමක තොරතුරු ඕනෑම අයෙකුට ලබාගත හැකි පරිදි අන්තර්ජාලයට එක් කිරීමට බළධාරීන් කටයුතු කර තිබේ.
ප්‍රොජෙක්ට් බ්ලු බුක් ලෙස හැදින්වුණු මේ මෙහෙයුමෙන් හඳුනානොගත් අභ්‍යාවකාශ යානා දර්ශනය වීම් සම්බන්ධව එවක ලැබුණු වාර්තා 12000 ක් පමණ අධ්‍යනය කිරීම හා විශ්ලේෂණය කිරීම සිදුව ඇති බව සඳහන්ය.
මෙහෙයුම් වාර්තා වල දැක්වෙන ආකාරයට ඉන් සිදුවීම් බොහෝමයක් සාවද්‍ය යැයි ඔප්පුවී තිබෙන මුත් සිදුවීම් 701 ක සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකිව තිබේ.
දැන් මෙහෙයුම් වාර්තා අන්තර්ජාලයට එක්කර තිබෙන නිසා මේ අභිරහස් සිදුවීම් 701 විසඳීමට මෙම ක්ෂේත්‍රය පිළිඹඳ උනන්දුවක් ඇති ඕනෑම අයෙකුට උත්සාහයක් දරා බැලිය හැකියැයි ඇමරිකා බළධාරීන් කියයි.
‘පියාඹන පීරිසි - (ෆ්ලයින් සෝසර්ස්)‘ ලෙස හඳුනානොගත් අභ්‍යාවකාශ යානා හැඳීන්වීමේ ආරම්භයද සනිටුහන්ව ඇත්තේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ සමයේදීය.අද්භූත යානයක් දුටු බව මුලින්ම ලොවට පැවසූ ව්‍යාපාරිකයෙකු හා ගුවන්යානා ක්ෂේත්‍රය පිළිඹද උනන්දුවක් ඇත්තෙකුවූ ඇමරිකා ජාතික කෙනත් ආර්නෝල්ඩ් ඒවා ගමන් ගත් ආකාරය ගැන පුවත්පතකට විස්තර කර තිබුණේ ‘ඔබ ජලයට ඉහළින් පීරිසියක් විසිකළහොත් එය ගමන් කරනවා වගේ‘ යැයි ලෙසය.එයින් පසුව මෙම යානා පියාඹන පීරිසි ලෙස හැඳින්වෙන්නට වුණි.
කෙනත් දුටු දේ පැහැදිලි කිරීමට එදවස ඇමරිකා විද්‍යාඥයෝ හා ආරක්ෂක බළධාරීහු නොයෙකුත් පැහැදිලි කිරීම්ද ඉදිරිපත් කළහ.නමුත් කෙනත් ඒ කිසිවක් පිළිගත්තේ නැත.
අද දිනයේ ඒ අතීත සිදුවීම් නැවත වරක් විපරම් කර බැලීමට අවස්ථාව උදාවී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් මේක විහිළුවකට ගත්ත එක ගැන මට කණගාටුයි. මේ ක්ෂ්ත්‍රය තවමත් විසඳාගත නොහැකි ගැටළු රාශියක් පවතින ක්ෂේත්‍රයක්. නුවන් කියන විදියේ සහ තවත් " කතා " මේ ගැන තියනවා. ඒවා ඇත්තද නැත්තද කියල හරියටම කියන්න තවම බැරිවෙලා තියනවා. එහෙම තියෙද්දී කොහොමද ඇත්තටම එයාල ඉන්නවා කියල නිගමනය කලේ (නදී)
පියාඹන පීරිසියක තාක්ෂණය මට නම් හිතාගන්න පුලුවන් (නි)
ප්‍රොජෙක්ට් බ්ලු බුක් මේ ආකාරයට අන්තර්ජාලයට එක කරන්නට ඇමරිකානු රජයට සිදුවුයේ මෙහි ඇතැම් කොටස් මිට කලින් හොර රහසේම ලොවට හෙළි වූ නිසා. ඔවුන් සතුව අල්ලගන්නා ලද අවම වශයෙන් එක පියාඹන පිරිසියක් තිබෙන බවත් ඔවුන්ට එහි තාක්ෂනය තවමත් තේරුම් ගත නොහැකි බවත් වාර්තා වෙනවා (නදී)
හා හා අපරාදේ නුවන් ඇමෙරිකාවට ගියා නම් තේරුම් ගන්න තිබුනා. (නදී)
අපේ ගෙදරත් ඉඳලා හිටලා පීරිසි පියාඹනවා. (නි)
පිටසක්වල ජීවින් හා හඳුනා නොගත් පියාසර වස්තූන්. (නදී)
ඔවුන් සතුව පියබන පිරිසි කෙහිපයක් තිබේ එක එක වර්ගයේ සහ ඔවුන් සමග නොයෙක් වයේ පරීක්ෂණ කරන බවට තොරතුරු ලැබී ඇත මෑතකදී ඇෆ්ගනිස්තනයේදී ද පියාබන පීරිසයක් සොයාගෙන එය අමෙරිකාවට රැගෙන ගොස් ඇත,පිටසක්වල ජීවින් අත්ටටම සිටි.(හේ)
අප්පුවා නියම කතාව. අපි දන්නේ ඒ පිරිසි පමණි. (අ)