පසුගිය විසි නම වැනිදා ලොව ප‍්‍රකට නගර රාශියක් පුරා පැයක් පුරා අදුරේ ගිලී තිබෙනු දැක ගත හැකිවිය.
සෑම වසරකම මාර්තු මස 29 වැනිදා සැමරෙන ‘‘මිහිකත පැය‘‘ සංකේතවත් කිරීමට ඇමරිකාව,බි‍්‍රතාන්‍යය,චීනය, ඕස්ටේ‍්‍රලියාව,සිංගප්පූරුව වැනි රටවල් එක්ව සිටියේ එසේය.එම රටවල ප‍්‍රධාන නගරයන්හි වෙළද මධ්‍යස්ථාන,මහල් නිවාස,ස්මාරක ආදියේ විදුලි පහන් පුරා පැයක් පුරාවට නිවා දමා ඔවුන් ‘‘මිහිකත පැය‘‘ සැමරීමට එක්ව සිටියේය.
මිහිකත පැය ලෝක පරිසර අරමුදලේ සංකල්පයකි.ලොව පුරා සිදුවන පරිසර දුෂණය,ගෝලීය කාලගුණ විපර්යාස කෙරෙහි සියලූදෙනාගේ අවධානය යොමුකරවීම මෙහි අරමුණයි.
චීනයේ ෂැංග් හයි හා ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර මුලින්ම තම තමන්ගේ විදුලි පහන් නිවා දමා මිහිකත පැය සදහා එකතු වු අතර අනතුරුව බි‍්‍රතාන්‍යයේ ලන්ඩන්,ඇමරිකාවේ නිව්යෝරක් හා ලාස් වේගාස් වැනි නගරද මිහිකත පැය සදහා එකතුවී සිටිනු දැක ගත හැකි විය.
ඇතැමුන් මෙය දක්වන්නේ සංවර්ධනය වු රටවල් තම තමන්ගේ වැරදි වසාගැනීමට දරන වෑයමක් ලෙසයි.
ඒ කෙසේ වුවත් ලෝක පරිසර අරමුදල පවසන්නේ සියලූ දෙනාගේ ආධාර නැතිව මිස පරිසර විනාශය නැවැත්වීමට අන් කිසි මාර්ගයක් නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නං ඉතිං සතියට කීප දවසක්ම මිහිකත දිනය සමරනවා. (ස)
මිහිකත දිනය අපි සෑමදාම වාගේ සමරනවා. ඒක නිසා අපිට අමුතුවෙන් ඔය දිනයක් ඒකට අවශ්‍ය නැහැ. (ස)