දෙපැයක් පමාවී ගුවන්යානයකට ගොඩවීමට පැමිණි පකිස්තාන දේශපාලඥයින් දෙදෙනෙකුට ගුවන්යානයේ සිටි මගීන් 250 දෙනාගේ විරෝධය හමුවේ නැවත හැරී යෑමට සිදුවිය.
පකිස්තාන ගුවන්සේවයට අයත් මෙම ගුවන්යානය කරච්චි ගුවන්තොටුපළෙන් ගුවන්ගතවීමට නියමිතව තිබියදී අති විශේෂ හෙවත් වී.අයි.පී පුද්ගලයින් දෙදෙනෙකු පැමිණෙමින් සිටිතියි යැයි ලැබුණු පණිවුඩයක් නිසා ඔවුන් එනතෙක් ගුවන්ගතවීම අත්හිටුවිනි.
මගීන් මේ බැව් නොදැන ගමනට ප්‍රමාදය මන්දැයි විමසන්නට වීම නිසා අවසානයේ ගුවන්යානා කාර්යමණ්ඩලය යානය නවතා ගෙන සිටීමේ සැබෑ හේතුව ඔවුන්ට කීහ.
ඒ අසා කුපිත වූ මගීන් පාලනය කිරීමට කාර්ය මණ්ඩලයට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ අතර මේ වන විට යානය නවතාගෙන තබා පැය 2 කට ආසන්න කාලයක්ද ගතව තිබිණ.
අවසානයේ අති විශේෂ යැයි කියූ පුද්ගලයෝ දෙදෙනා පැමිණියහ.ඔවුන්ගෙන් එක් අයෙක් සෙනෙට් සභිකයෙකු වන රෙහ්මාන් මලික් විය.අනෙකා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් වන ආචාර්ය රමේෂ් කුමාර් වක්වානි විය.
දෙදෙන යානය වෙත ළං වෙද්දී මගීහු උපහාසාත්මක වදන් වලින් ඔවුනට සංග්‍රහ කළහ.ආචාර්ය රමේෂ් කුමාර් හට යානයේ අසුන් ගැනීමට හැකිවූවත් සෙනෙට් සභික රෙහ්මාන් මලික්ට මගීන්ගේ විරෝධය හමුවේ යානයට ඇතුල්වීමටවත් නොහැකි විය.
මගීන්ගේ විරෝධය පරදනු නොහැකිව ඔහු නැවත හැරී ගියේය.
‘‘සමාවෙන්න ඕනෙ මලික් මහත්තයා.එත් ඔයා යන්න ඕනේ.මේ මගීන්ගෙන් ඔයා සමාව ඉල්ලා සිටින්න ඕනේ.ඔයා ලැජ්ජා වෙන්න ඕනේ ඔයා ගැන.අපි 250 දෙනෙක් කාලය නාස්ති කළා ඔයා වෙනුවෙන්.‘‘ යැයි මගීහු හඩනැගූහ.
ආචාර්ය රමේෂ් කුමාර්ටද තම අසුනින් නැගිට ගුවන් යානයෙන් පිටව යෑමට සිදුවිය.ඔහු පසුපසින් මගීන් ‘‘ලැජ්ජයි,ලැජ්ජයි,ලැජ්ජයි‘‘ කියමින් ඝෝෂා කළහ.
මේ සම්බන්ධයෙන් පසුව ප්‍රකාශයක් නිකුත් කර තිබූ පකිස්තාන ගුවන්සේවය පවසා තිබුණේ කාර්මික දෝශයක් නිසා මෙසේ යානය ගුවන්ගත කිරීම ප්‍රමාද කළ බවයි.යානයේ දෝශයක් නිසා ගුවන්ගතවීම ප්‍රමාද කරන බව සදහන් කරමින් කෙටි පණිවුඩද මගීන්ගේ දුරකථන වෙත කල්වේලා ඇතිවම යැවූ බවද එම ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන්ය.
රෙෂ්මාන් මලික්ද මුහුණදෙන්නට වූ සිදුවීම පිළිබදව තම ට්විටර් ගිණුම යාවත්කාල කර තිබුණේ ‘‘කාර්මික දෝශයක් නිසා ගුවන්යානය පමා වුනා.නැතුව මගේ වැරැද්දක් නිසා නොවේ‘‘යැයි සදහන් කරමිනි.
පකිස්තාන මාධ්‍ය වලට මෙම සිදුවීම උණු කැවුම් වැනිව තිබෙන අතර දේශපාලඥයින්ට සාමාන්‍ය ජනතාවට හිමි බලය ගැන හරි අවබෝධයක් ගත හැකි හොඳම උදාහරණයක් ලෙස ඔවුන් එය හදුන්වාදී තිබුණි.
COMMENTS
අන්න ඒකට ලංකාව. මෙහෙ ඔහොම වුනානම් ඇමතිලා දෙන්න යයි. අර මගීන් 250 හම අත් අඩංගුවට අරගන රිමාන්ඩ් කරලා තියන දඩුවම් ඔක්කොම දෙයි. (ස)
"ලකී දොඩන්ගොඩ" මහත්තය සමග මමත් එකඟයි. මමත් තව බොහෝ පිරිසකුත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතික්ෂේප කරලා හුගක් කල් වෙනවා. ඔවුන් ලාංකිකයෝ වෙච්ච අපට සලකන්නේ අර අප්‍රිකානුවන්ට සුද්දෝ සලකන විදිහට.(අ)
හරි පිට කොන්දක් ඇති නියම ගුවන් මඟීන් (නි)
මමත් මලාට ශ්‍රී ලන්කන් නම් යන්නේ නැ... හපොයි කියල හිතෙනවා.... එක පාරයි ගියේ ආසාවට. එච්චරම තමයි ඉතින්. සර්විස් එක පිරිසිදු කම , බින්දුවටම බැහැල අනිත් එයාර් ලයින්ස් එක්ක බලද්දී (අ)
එ්කනේ අපේ ගමන් වලට අපි වෙනම ගුවන් යානයක් ගෙනියන්නේ (නදී)
නියම වැඩේ ...! (නි)
ගමන් කිරීම ඇත හැර තමන්ගේ දුබල කම වහ ගන්නේ නැතුව විරෝධය දක්වා ජය ගැනීම ගැන මේ මිනිස්සු ඉතා වටිනවා . පරාජය යනු දුබලයාගේ වත් කම වේ. (ස)
මෙවැනි රස්තියාදුවීම් මට කොපමණ වී තිබේද? එනිසා මම ගුවන් ගමන් යෑමට ශ්‍රී ලන්කන් සේවය අතහැර දැම්මා (නි)
පාකිස්තානේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ (නි)
මේවායින් පාඩම් ඉගෙනගන්න ඕනෑ ලංකාවේ අය. තවමත් ලංකාවේ ඉන්නේ දේශපාලුවෝ එනකොට ලේන්සුව කරෙන් අතට අරගෙන කාණුවට බහින අයයි, ඔවුන්ට පන්දම් අල්ලන අයයි විතරයි. මේවා බලලාවත් ජනතාවට තිබෙන හයිය ජනතාව තේරුම්ගන්න ඕනෑ (නි)
ලංකාවෙත් මීට කලින් ඔවැනි කෙනෙක් හිටියා. (නි)