මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව කියන පින්ලන්ත හෙල්සින්කි පොලිසියේ මත්ද්‍රව්‍ය වැටලීම් අංශ ප්‍රධානීයාට වසර දහයක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය නියෝග කර ඇතැයි වාර්තා වෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනකුට මත්ද්‍රව්‍ය කිලෝ 800ක් රටතුළට ගෙන ඒමට උදව් කර ඇතැයි ජාරි ආනියෝට(59) විරුද්ධව ඇති ප්‍රධාන චෝදනාවයි.ඊට අමතරව ඔහුට එරෙහිව චෝදනා 17ක් ගොනු කර ඇත.
ඔහුට ඇති තවත් ප්‍රධාන චෝදනාවක් වන්නේ නිවැරදි පුද්ගලයකුට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා ගොනු කිරීමයි.ඔහු මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ වසර 30ක් සේවය කර ඇති අතර මෙම චෝදනා සියල්ල ඔහු ප්‍රතික්ෂේප කරයි.
මීට අමතරව එරට ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකුට ද වසර දහයක සිර දඬුවමක් නියම කර ඇත.පසුගිය සැප්තැම්බරයේදී චංචා හා දූෂණ චෝදනා යටතේ වසර තුනක සිර දඬුවමක් නියම කැරිණි.
COMMENTS
මෙයා ගිය ආත්මේ ලංකාවේ සුරාබදු නිලධාරියෙක් වෙලා හිටියද දන්නෙ නැහැ (නි)
ලංකාවෙයි ෆින්ලන්තෙයි තියෙන වෙනස තමයි ඒ. වරදක් කළොත් දඬුවම ස්ථිරයි. උස් පහත් බේදයක් නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි ෆින්ලන්ත ඡන්දදායකයා තමන්ගේ අයිතිය සහ දේශපානඥයාගේ කාර්‍යභාරය ගැන ඉතාමත් හොදින් දැනුවත් වීම. (නි)
අනේ එහෙත් එහෙමද? මෙහෙ වගේමනේ (නි)
ඇයි ඉතින් පහුගිය දවස් වල තිබුනේ ලංකාවේ අහුවෙන කුඩුවලින් අඩකට වැඩිය නැවත වෙළඳපොළට එනවා කියලා. එහෙත් එහෙම වෙන්න ඇති (නි)