පෙන්ටගනයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වන රියර් අද්මිරාල් කෙවින් ස්වේනි මහතා ඉල්ලා අස් වී තිබේ.
ආරක්ෂක ලේකම් වන ජේම්ස් මැට්ස් මහතා මෙය නිල වශයෙන් ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
‘ නැවතත් පෞද්ගලික අංශ වෙත යාම සුදුසු යැයි‘ සිය ඉවත් යාමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා පවසා ඇතැයිද කියයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එක්සත් ජනපද හමුදාව සිරියාවෙන් ඉවත් කර ගන්නා බවට ගත් තීරණය සමඟ ඔහු මෙම තීරණය ගෙන ඇත. ජනාධිපතිවරයාගේ එම තීරණයත් සමඟ මෙලෙස පිටත්ව යන තුවැනි නිලධාරීයා ලෙස එරට මාධ්‍ය ස්වෙනි මහතා හඳුන්වා තිබිණි.
ඔහුගේ සමකාලීනයන් සමඟ එකට වැඩකටයුතු කිරීමට ලැබීම ගෞරවයක් බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ වැඩි දුරටත් සඳහන් කර ඇතැත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගැන එහි කිසිදු සඳහනක් නැතැයි ද වාර්තාවේ.
2017 ජනවාරි මාසයේ සිට රියර් අද්මිරාල් කෙවින් ස්වේනි මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේ වන තුරුම කටයුතු කළේය.
( බී බී සී ඇසුරෙනි)
( 36698)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පෙන්ටගනයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉල්ලා අස්වෙයි