ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල් විසින් අමානුෂික සහ දළදඬු යැයි හඳුන්වා දී ඇති ඉස්ලාමීය ෂරියා නීතිය  නීතිගත කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලයට අයත්, නිරිත දිග ආසියානු රටක් වන  බෲනෙයි රාජ්‍යය ඊයේ (22) තීරණය කළේය.

බෲනෙයි යනු මුස්ලිම් රාජ්‍යයකි. බෲනෙයි රාජ්‍යයේ සුල්තාන් හස්සනාල් බොල්කියා ජාතිය අමතමින් කියා සිටියේ, ඉස්ලාමීය ෂරියා නීතිය රටේ දණ්ඩ නීති සංග‍්‍රහයට ඇතුළත් කිරීමට සූදානම් බවය.

ඒකීය ඉස්ලාමීය නියත  රාජාණ්ඩුවක් සහිත බෲනෙයි රාජ්‍යයේ, සුල්තාන් හස්සනාල් බොල්කියාය. එරට ඔටුන්න හිමිකුමරුන් වන්නේ අල් මුටාඞී බිල්ලාහ්ය.
බෲනෙයි රාජ්‍යයේ ජනගහණයෙන් සියයට 70 ක් මුස්ලිම්වරුන් වන අතර සියයට 15 ක් මුස්ලිම් නොවන ජනයාය. ඉතිරි පිරිස ස්වදේශීය ජනතාවය.
බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති බෲනෙයි රාජ්‍යයට නිදහස හිමිවුණේ 1984 ජනවාරි පළමු වැනිදාය. බෲනෙයි රාජයයේ ජනගහනය 408,786 කි.


 

බෲනෙයි සුල්තාන් ජාතිය අමතමින් ...