IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පුතා අල්ලස් ගත් බව පාකිස්තාන අගවිනිසුරුවරයා දැන සිටියා

පාකිස්තාන අගවිනිසුරු ඊෆ්ටිකා චෞද්‍රිගේ පුතු අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා දැන සිටි බවත් ඒ ගැන කිසිවක් නොදන්නවා යැයි ඔහු පැවැසීම මුසාවක් බවත්, ඇමෙරිකන් ඩොලර් මිලියන 3.6 ක එම අල්ලස් මුදල චෞද්‍රිගේ පුතුට දුන් පාකිස්තානයේ කෝටිපති ව්‍යාපාරික මලික් රියාස් පවසයි. මලික් රියාස් එම අල්ලස් මුදල චෞද්‍රිගේ පුතු අර්සලාන් චෞද්‍රි ට ලබා දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට බලපෑම් කිරීම සඳහාය. අල්ලස් මුදල ගැනීම සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි රැුසක් මලික් රියාස් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. චෞද්‍රිගේ පුතුට එරෙහි එම අල්ලස් ගැනීමේ චෝදනා මේ වනවිට විභාග වෙමින් පවතී. චෝදනා විභාග කිරීමට ද්වි පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කිරීමට අගවිනිසුරු චෞද්‍රි පියවර ගත් අතර එම නඩු විභාගයේ අපක්ෂපාතී බව පෙන්වීමට ඔහු එම විනිසුරු මඬුල්ලෙන් ඉවත් වී සිටී. වරදකරු වුණොත් පුතුට එරෙහි තදින්ම නීතිය කි‍්‍රයාත්මක කරන බව අගවිනිසුරු කියයි. අගවිනිසුරු පුත්  අර්සලාන් ඉෆ්තිකාර්



අදහස් (0)

පුතා අල්ලස් ගත් බව පාකිස්තාන අගවිනිසුරුවරයා දැන සිටියා

වජ්ජා Thursday, 14 June 2012 06:56 PM

අපේ නම් ගත්තෙ පුතා නෙමේ. දැන් අපිට බණ කියන, ඒ කාලෙ අනියම් පෙම්වතිය සමග මෝටර් රියේ පෙම් කොට පොලීසියට අසුවුන හිටපු අගවිනිසුරු තුමෙකුගෙ කාලෙ,... මහනුවර වැව රවුමෙ හෝටලයක් තියෙන, උපුල් ශාන්ත සන්නස්ගලයින්ගෙන් ඇහුවොත් දන්න එක්කෙනා, ලේකම් කෙනෙකුත් සමග අල්ලස් ගත් බව, නොදන්නා කෙනෙක් නොමැත.

:       0       0

කින් බානට් Thursday, 14 June 2012 06:20 PM

අනේ ලංකාවේ NSB එකේ වෙච්ච දේවල් නම් අපේ අධිකරණයේ අය දන්නෙත් නැ

:       0       0

සුජිත් Thursday, 14 June 2012 02:31 PM

ඔන්න දෙනවනම් අල්ලස් !!! ඒකට ලංකාවේ ....අල්ලස්වල ගාණ හොඳටම මදි...

:       0       0

අලිබබා Thursday, 14 June 2012 03:00 PM

නීතිය නීතියම තමයි. නීතිය හදාරන්ට ඕනෑ නමි යන්න පාකිස්තානයට.

:       0       0

එච්.හසිත Thursday, 14 June 2012 10:10 AM

ලංකාවෙ කවද්ද මේ වගේ දෙයක් උනේ..??

:       0       0

අචිනි Thursday, 14 June 2012 10:30 AM

ආ ...........මේ පකිස්තානේ..ඒත් මම බැලුවා මෙහේ කවුද මේව කරන්නේ කියලා...මෙහේ එහෙම අය නෑනේ...

:       0       0

සිසිර Thursday, 14 June 2012 11:56 AM

නියම අගවිනිසුරු කෙනෙක්

:       0       0

වාසල Thursday, 14 June 2012 05:26 PM

ඔච්චර අපිත් එක්ක කිට්ටු රටක් වෙලත් ඇයි අපේ අයගෙන් ඕවා කරන විදිය හරියට ඉගෙන නොගන්නේ.අපේ අහවලා හම්බ වෙන්නකෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 525 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 114 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site