IMG-LOGO

පුංචි මාළු කෑවොත් කනටත් හොඳයිලු

සතියකට දෙවරක් පුංචි මාළු ආහාරයට එක්කර ගැනීමෙන් කන ඇසීමේ ආබාධ පස්ගුණයකින් අඩුකර ගත හැකි බව නවතම අධ්‍යනයකින් පෙන්වා දී ඇත. තෙල් සහිත සැමන්, කුම්බලාවා වැනි මසුන්ගේ ඔමෙගා - 3 යන මේද අම්ලය  හෘද රෝග, ඩිමෙන්ෂියාව හෙවත් චිත්ත වික්ෂේපය, පිළිකා,  අවපීඩනය සහ සන්ධි ප්‍රදාහය වළක්වන බවත් බොස්ටන් හි  බ්‍රිග්හැම් කාන්තා රෝහලේ වෛද්‍ය ෂැරොන් කර්හන් කියයි.

ඇය වැඩි දුරටත් පවසන්නේ කන් නෑසීමේ දුර්වලතාවය නිතරම වයසට යෑමේ බලපෑමක් හේතුවෙන් වන්නක් වනබව අනිවාර්ය ලක්ෂණයක් වුවත් මත්‍යසයන් ආහාරයට එක්කර ගැනීම මගින් මෙම තත්වය වළක්වා ගැනීමට හෝ ප්‍රමාද කිරීමට හැකියාවක් ඇති බවයි.

බ්‍රිතාන්‍ය ආහාර පිලිබඳ සංවිධානයේ ප්‍රකාශක ඇලිසන් හෝර්බයි පවසන්නේ සතියකට අවම වශයෙන් දෙවරක් මාළු ආහාරයට එක්කර ගැනීමෙන් රුධිර පිඩනය හිතකර මට්ටමක පවත්වාගෙන යාමට සහ රුධිර මේදය වැඩිදියුණු කැරගත හැකි බවයි. 



අදහස් (0)

පුංචි මාළු කෑවොත් කනටත් හොඳයිලු

සේනක Saturday, 13 September 2014 12:03 PM

මම මේ ගැන අන්තර්ජාලයෙන් කරුණු බොහොමයක් කියෙව්වා. කුම්බලාවට වැඩිය හුරුල්ලා සහ සාලයා කියන මසුන් වර්ග හොඳයි කියනවා. අනිත් කාරණය හැම මාළු වර්ගයේම ඔමේගා 3 අඩංගු නැහැ කියලයි මම නම් අහලා තියෙන්නේ. (නි)

:       0       0

පියුම් Saturday, 13 September 2014 03:03 PM

සිරිල් පැය 24 , දවස් 365 ම මාළු කෑවොත් ලෙඩ වෙනවා තමා (නදී)

:       0       0

මාලි Saturday, 13 September 2014 02:50 AM

මා දන්නා පමනින් සැමන් මසුන් දැනට ලෝකයේ නැත දන්නා කෙනෙක් ඇත්නම් අදහස් දක්වන්න (නදී)

:       0       0

සෑම් Saturday, 13 September 2014 04:25 AM

අර "අවාසියට කන් ඇහෙන්නේ නැති " රෝගයටත් මේ මාළු හොඳද දන්නේ නැහැ? (නදී)

:       0       0

සිරිල් මාලදිවයින Saturday, 13 September 2014 04:47 AM

වටේටම මුහුද තියන මාලදිවයින් ජාතිකයන් තුන් වේලට පමණක් නොවෙයි තේ මේසෙදි පවා ගන්නෙ මාළු වලින් හදපු ආහාර ඒත් දිනපතා ගුවන් යානා දෙකක් පුරවල බෙහෙත් ගන්න ඉංදියාවටයි ලංකාවටයි යනවා. (ස)

:       0       0

රණතුංග Saturday, 13 September 2014 09:00 PM

බන්දුලටත් කියන්න ඕනෑ මාළු වැඩිපුර කන්න කියලා. (නි)

:       0       0

ඉසුරු Sunday, 14 September 2014 03:22 PM

පොඩි මාලු කෑවම කනට හොඳ වුණාට පවට පිනට කොහොමද දන්නේ නැහැ (නි)

:       0       0

හසිත Sunday, 14 September 2014 02:13 AM

අපේ අතින් සල්ලි දාලා හරි බන්දුල පෙරේරාට මාළු කන්න සළස්වන්න ඕනෑ. එයාගේ මොළේ එන්න එන්නම අනිත් පැත්තට වැඩ කරන්නේ. (නි)

:       0       0

ගාමිණී -සිරිවර්දන Friday, 12 September 2014 04:01 PM

මෙම පර්යේක්ෂණයට යොදා ගත යුත්තේ හෙදියන් නොව ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල්ය. එම අයවලුන් සෑම මත්ස්‍ය වර්ගයක්ම දිනපතා අනුභව කරයි.මේ අනුව ඔවුන් වටා පර්යේක්ෂණ කිරීමෙන් වැළඳෙන සියලුම රෝග කාරකයන් හඳුනාගත හැකිය යන්න මගේ අදහසයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 161 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 684 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site