පාකිස්තානයේ ඉකුත් මැයි 11 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ නායක නවාස් ෂරීෆ් එරට නව අගමැතිවරයා ලෙස ඊයේ (5) දිවුරුම් දුන්නේය.
ෂරීෆ්ගේ දිවුරුම් දීම නිමිත්තෙන් ඉස්ලාමාබාද් අගනුවර විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ද කි‍්‍රයාත්මක වී තිබුණි. ෂරීෆ්, පාකිස්තාන අගමැතිවරයා ලෙස පත් වූයේ තෙවැනි වරටය.
නව අගමැති ෂරීෆ්ට අභියෝග රැුසක් එල්ල වී ඇති අතර ඉන් ප‍්‍රධාන අභියෝග වන්නේ තලේබාන් සටන්කාමීන්ගෙන් එල්ල වන තර්ජන පිටුදැකීම සහ කඩා වැටුණ ආර්ථිකය ගොඩ ගැනීමය. ෂරීෆ් තලේබාන් සංවිධානය සමඟ ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන අයකු බව ප‍්‍රකටය.
තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පවත්වා, ඔවුන් සමඟ පවතින අර්බුදයට සාමකාමී දේශපාලනමය විසඳුමක් සෙවීමට නවාස් ෂරීෆ් කැමැත්ත පළ කර ඇත. සාම සාකච්ඡුා සඳහා තමන් ද කැමැති බව තලේබාන් සංවිධානය පවසා ඇතැයි පසුගිය දා වාර්තා විය.
රටේ පවතින බලශක්ති අර්බුදයට වසර 3 ක් ඇතුළතදී විසඳුමක් ලබා දීමටත්, නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී කි‍්‍රයාත්මක කිරීමටත් ෂරීෆ් ජනතාවට පොරොන්දු වී සිටී.
ෂරීෆ්ගේ රජයේ ඇමැතිවරුන් දිවුරුම් දීම සිදුවුණේ ඉකුත් පළමුවැනිදාය. එම අවස්ථාවේදී ද පාකිස්තාන පාර්ලිමේන්තුව ආශි‍්‍රත කලාපයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කෙරුණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පාකිස්තාන අගමැති ලෙස නවාස් ෂරීෆ් දිවුරුම් දෙයි