පාකිස්තානයට ගංඟා ජලය ගලා යෑම සීමා කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය අමාත්‍යවරයෙක් පැවැසීය.
“පාකිස්තානයට ජලය ගලායෑම සීමා කිරීමට අපේ ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා” යැයි ඉන්දියාවේ ප්‍රවාහන සහ ජල සම්පත් අමාත්‍ය නිතින් ගද්කාරී මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉන්දියාවේ නැගෙනහිර ගංඟාවලින් පැමිණෙන ජලය පාකිස්තානයට ගලා යෑම නවත්වා එරට ජම්මු හා කාශ්මීර සහ පන්ජාබ් ප්‍රාන්තවල සිටින ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.
ඉන්දියාව මෙම තීරණය ගෙන ඇත්තේ පාකිස්තානයට පීඩනයක් එල්ල කිරීමේ අරමුණ ඇතිවය. ඉන්දියාව සහ පාකිස්තානය මෙම නව අර්බුදයට හේතු වූයේ පසුගිය සතියේදී කාශ්මීරයේ ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයයි.
මෙම මතභේදාත්මක ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 41 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
කෙසේ නමුත් අමාත්‍ය ගද්කාරී මහතා මේ සම්බන්ධයෙන් සවිස්තර ඉදිරිපත් නොකළත් අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මීට පෙර ගන්නා ලද තීන්දු තීරණ කිහිපයක් අනුව සැකසුන එකක් බව ප්‍රවාහන සහ ජල සම්පත් අමාත්‍යාංශයේ නිලධාරීහු කීහ.
පසුගිය දෙසැම්බර් මාසයේදී වේල්ලක් ඉදි කිරීම ඇතුළු තීරණ කිහිපයක් ගත් බවත් අග්‍රාමාත්‍යවරයා ගන්නා ලද එම තීන්දු තීරණවලට කැබිනට් අනුමැතිය හිමි වූ බවත් නව තීන්දු තීරණ කිසිවක් ගෙන නැති බවත් එම නිලධාරීහු පැවසූහ.
අමාත්‍ය ගද්කාරී කරන ලද ප්‍රකාශවලින් පසුගිය සතියේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව තවමත් කෝපයෙන් සිටින බව පෙනී යයි. එම ප්‍රහාරයේ වගකීම පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් මොහොම්මද් සංවිධානය බාරගෙන තිබිණි. එවැනි සන්නද්ධ සංවිධාන පාලනය කිරීමට පාකිස්තානය කිසිදු පියවරක් නොගන්නා බව පවසමින් ඉන්දියාව නිරන්තරයෙන් පාකිස්තානයට චෝදනා කරන අතර පසුගිය සතියේදී එල්ල වූ ප්‍රහාරය පිටුපස පාකිස්තානයේ රාජ්‍ය බුද්ධි අංශය වන අයි.එස්.අයි. සිටින බවට ද ඉන්දියාවෙන් චෝදනා එල්ල විය. කෙසේ නමුත් පාකිස්තානය මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.
ලෝක බැංකුවේ මැදිහත් වීමෙන් 1960 වසරේදී අත්සන් කළ ඉන්දු ජල ප්‍රඥප්තියට අනුව ඉන්දු ගංඟාවල ජලය පාකිස්තානය සහ ඉන්දියාව අතර බෙදී යයි. පසුගිය වසරවලදී ඉන්දියාව එම ගංඟා මුල් කරගනිමින් කෘෂිකාර්මාන්තය ඉලක්ක කරගනිමින් ඉදි කිරීම් රැසක් සිදු කරන ලද අතර ගංඟාවල ඉහළ කොටස්වල වේලි ද ඉදි කළේය. සියලු ඉදි කිරීම් ප්‍රඥප්තියට අනුව සිදු කරන බව ද ඉන්දියාව පැවැසීය.
වසර 2016 දී කාශ්මීරයේ ඌරි නගරයේදී ඉන්දීය හමුදාවලට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ඉන්දියාව ඉදිකිරීම් වේගවත් කළ අතර එම නිසා අසල්වාසීන් මෙන්ම ප්‍රතිවාදීන් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර අර්බුදය උග්‍ර අතට හැරිණි.
ඇතැම් ව්‍යාපෘතිවලට පාකිස්තානයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර එම ව්‍යාපෘති සහ ඉදි කිරීම් ප්‍රඥප්තිය උල්ලංඝණය කරන්නේ යැයි ද පාකිස්තානයෙන් ඉන්දියාවට චෝදනා එල්ල විය. පාකිස්තානයේ කෘෂිකාර්මික කටයුතුවලින් 80%ක්ම ඉටුකරන්නේ ඉන්දු ගංඟාවලින් ලැබෙන ජලයෙනි.
රොයිටර් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවිදියෝ බෝම්බ ගහලා හමුදා නිලධාරීන් ඝාතනය වුණා කියලා... අසරණ ගොවීන්ට ජලය සපයන ගඟ වහල දමන එක හරිම කැතවැඩක්.. මුලින් ඉන්දියාවේ අනුග්‍රහය සහ පුහුණව ලබපු කොටි ත්‍රස්තවාදීන් අපේහමුදා නිලධාරියෝ සහ සිවිල් වැසියන් දසදහස් ගණනක් ඝාතනය කළා. ඉන්දීය හමුදා භටයෝත් දහසකට වැඩි ප්‍රමාණයක් ඝාතනය කරලා අන්තිමට ඉන්දියාවේ රාජ්‍ය නායකයත් ඝාතනය කරලා තමා පස්ස බැලුවේ.., ඉන්දියාවට මේවා අමතක වෙලා වගේ.., ගොවීන්ට වතුර නැතිවුණාම වෙන්නේ වහබීලා මැරෙන්න.. එහෙම වුණාම ඔවුන්ගේ දරුවන් ඉන්දියාවට වෛර කරන එකත් පසුව ත්‍රස්තවාදීන් වෙලා ඉන්දියාවට පහර දෙන්න පෙලඹෙන එකත් පුදුමයට කාරණාවක් නොවේ. ඉම්රාන් ඛාන් අගමැති වෙලා ටික කාලයකි. ඉන්දියාව මේ විදිහට හැසිරෙනකොට ඔහුට දෙරට අතර සමගිය ගොඩනගන එක අසාර්ථක වෙනවා. ත්‍රස්තවාදීන්ට අවශ්‍යත් මේකයි..
කවුරු කොහොම කිවත් ස්වභාධර්මය වෙනස් කරන්න ගිහින් වෙච්ච දේවල ප්‍රතිපල අති භයංකාර බව අවිවාදයෙන් පිළිගතයුතු වෙනවා. වතුර ටික ස්වාභාවධර්මයා විසින් ඇතිකරපු දෙයක් මිස කෘතිමව නිෂ්පාදිත දෙයක් නොවන බව සිත තුල තබාගෙන කැමැත්තක් කලොත් සුදුසු වේ.
ඔයරටවල් පාකිස්තානේ ඉන්දියාව කියලා බෙදන්න අවුරුදු දසදහස් ගණනකට පෙර සිටන් ඔය ගඟ ගලාගියා. අවුරුදු දසදහස් ගණනක ඉඳන් මිනිස්සු ඔය වතුර ටික ප්‍රයෝජනයට ගත්තා. ඔය වතුර ටික නවත්වනවා කියන්නේ මහපොලව නුහුලන අපරාධයක්... ඕවා කලොත් සමහරවිට මහ ගංවතුරක් ඇවිත් මුළු උතුරු ඉන්දියාවම යටවෙලා විශාල විනාශයක් වෙන්න පුළුවන්...
අතීතයේ මෙම රටල් 2ම එක රටක්. එබැවින් දැන් ඉන්න පාලකයන්ට ස්වභාවධර්මය වෙනස් කරන්න බලයක් නැහැ. ප්‍රතිවිපාක ලඟදීම ලැබේවි...!!!
ප්‍රභාකරන් මාවිල් ආරුව හරස් කරන්න ගිහින් ඇනගත්තා සේ, නරේන්ද්‍ර මෝදි…