IMG-LOGO

නිල් තල්මසා පිපිරෙන්න ළඟයි

කැනඩාවේ නැගෙනහිර වෙරළ තීරයට ගොඩ ගසා දැනට දින කිහිපයක් ගතවී ඇති නිල් තල්මස්  සිරුරක වායු එක්රැස්වී එය බැලූමක් මෙන් පිම්බී ඇති හෙයින් එය පුපුරා යනු ඇතැයි ප්‍රදේශවාසීන් බියෙන් සිටිති.

එසේ පිම්බෙන්නේ  බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසාය. මෙම වායු ඇතැම් අවස්ථාවන්හි විස සහිත වනවා සේම අධික දුර්ඝන්ධයක්ද විහිදුවයි.

දැනටමත් දැඩි දුර්ඝන්ධයක් ඉන් විහිදෙන බවත් ඉදිරි දින කිහිපයේදී එය පුපුරා යෑමේ තත්ත්වයක් තිඛෙන බවත් ඔවුහු කියති.

පිපිරීමෙන් ප්‍රදේශයට හානිවේයැයි හෝ මළ සිරුරෙන් පරිසරයට එක්විය හැකි නොයෙකුත් බැක්ටීරියා හා අපද්‍රව්‍ය නිසා විවිධ ලෙඩ රෝග හෝ පැතිරෙනු ඇතැයි ද කියයි.

නමුත් ප්‍රදේශයේ ධීවර හා මත්ස්‍ය කටයුතු සම්බන්ධ ආයතනය කියන්නේ එසේ අනියත බියක් ඇති කර නොගත යුතු බවයි.එසේ යැයි කියා පිම්බී ඇති ‘බැලූම‘ පිපිරවීමට උත්සාහ නොකර සිටීම යෝග්‍ය යැයි එම ආයතනය පවසයි.

මෙම  සිරුර යාර 28 පමණ දිගින් හා ටොන් 60 ක් පමණ බරකින් යුතුවන බව සදහන්ය.

 ආයතනයන්ට මෙවැනි විශාල  සිරුක් ආම්බාන් කළ හැකි උපකරණ හා උපාංග නොමැති හෙයින් එය වෙරළේම තිබෙන්නට හළ බව වනජීවී ආයතනය කියයි.



අදහස් (0)

නිල් තල්මසා පිපිරෙන්න ළඟයි

ඉසුරන්දි Thursday, 01 May 2014 03:47 PM

පිස්සු හැදෙයි ටොන් 60ක තල්මහෙක්. (අ)

:       0       0

ලලිත් Thursday, 01 May 2014 11:16 PM

ඔික කරවල කරලා ගත්තානමි(ස)

:       0       0

රොෂ්චින්ද ද සොයිසා Friday, 02 May 2014 12:01 AM

යාපනේ අය කැනඩාවේ ඉන්න නිසා ඕක සුලුදෙයක් ඒ අයට.(නදී)

:       0       0

සුසන්ත Saturday, 03 May 2014 01:57 AM

පුදුම වැඩක්නේ? උස්සන්න විශාල උපකරණ උපාංග නැතුව කොහොමද දන්නේ නැහැ බර ටොන් 60 ක් පමණ කියලා දැනගත්තේ? (නි)

:       0       0

දුම්මලසූරිය Friday, 02 May 2014 03:36 AM

කැනඩාව රටේ කුණු සුද්ද නොකර තව තව කුණු රට ඇතුලට දා ගන්න රටවල් අතර පෙරමුණේ සිටින රටක්. (නදී)

:       0       0

තලතා Friday, 02 May 2014 05:37 PM

කෝ ෆොටෝ ? (නදී)

:       0       0

රංග සංජය Thursday, 01 May 2014 12:41 PM

"එම්බාන්" කල හැකි.......? (අ)

:       0       0

රන්ජිත් Friday, 02 May 2014 07:41 PM

ඕක අපේ රටේ අයට නම් සුළු දෙයක්. කුණු අල, ලුණු ,පනුවෝ ගහපු හාල්මැස්සෝ, කල්ඉකුත් වූ කුකුල් මස්, සොසේජස්, කෘතිමව හදපු සෝස් එක්ක කන අපිට තල්මසා මොකෙක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 160 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site