යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් පහර දීමෙන් වළකින්නැයි 'ජී7' රාජ්‍ය නායකයන් රුසියාවෙන් ඉල්ලීමක් කර තිබේ.
ඊට අමතරව, යුක්රේනය සමඟ ආරම්භ කළ යුද්ධය ද වහා නවත්වන්නැයි 'ජී7' කණ්ඩායමට අයත් රාජ්‍ය නායකයෝ රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින්ගෙන් ඉල්ලා තිබේ.
'අප රුසියාවෙන් ඉල්ලා සිටිනවා, න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිතව යුද ගැටුම් වහා නවත්වන්න. එපමණක් නොවෙයි; යුක්රේනය සමඟ ආරම්භ කළ ගැටුම් නවත්වන්න' යැයි 'ජී7' නායකයන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක සඳහන් වෙයි.
“සාමකාමී අරමුණක් ඇතිව, බලශක්ති අවශ්‍යා සපුරා ගැනීම වෙනුවෙන් පිහිටුවූ න්‍යෂ්ටික බලාගාරවලගට පහර දීම සහ ඒවා ආශ්‍රිතව අවි ගැටුම් සිදු කිරීම මනුෂ්‍ය වර්ගයාට තර්ජනයක්. යුරෝපාකරයට තර්ජනයක්. ජාත්‍යන්තර නීතියේ මූලධර්ම උල්ලංඝනය කිරීමක්. යුක්රේනයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල ආරක්ෂාව සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා යුක්‍රේනය සහ රුසියාව කටයුතු කළ යුතු වෙනවා" යැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්තියේ ප්‍රධානියා පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
න්‍යෂ්ටික බලාගාර අසලට පහර දෙන්න එපා