වොෂින්ටන්හිදීය (රොයිටර්)
උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි වැඩසටහන සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සූදානම් නම් එරටට පනවා තිබෙන තිබෙන සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාව සූදානම් බව එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාව තුළ ආයෝජනය කිරීමට සූදානමක් නැතත් එරටට පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට සූදානම් බව ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.බී.එස් නාලිකාවේ ‘ෆේස් ද නේෂන්’ වැඩසටහනට එක්වෙමින් හෙතෙම එම කරුණු කීය.
“බදු ගෙවන මිනිසුන්ගේ සල්ලි අරගෙන උතුරු කොරියාවේ ආයෝජනය කරන්න අපේ සූදානමක් නැහැ. එහෙත් උතුරු කොරියාවට ආර්ථික සෞභාග්‍යය කරා යෑමට අවස්ථාව දෙමින් එරටට පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට අපි සූදානම්.
උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි වැඩසටහන සම්පූර්ණයෙන්ම නවතා දමනවා නම් අපි සූදානම් සම්බාධක ඉවත් කරන්න. සම්බාධක ඉවත් කළාම ඇමෙරිකාවේ පෞද්ගලික සමාගම් වලට උතුරු කොරියාවට යෑමට අවස්ථාව ලැබනෙවා.
එම සමාගම්වලට උතුරු කොරියාවේ බලශක්ති, කෘෂිකාර්මික සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රවල ආයෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා” යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ කීවේය.
055
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘න්‍යෂ්ටික අවි වැඩසටහන් නවත්වන්නේ නම් සම්බාධක ඉවත් කරනවා’