නයිජීරියාවේ තෙල් නළයක් පිපිරී යාමෙන් 50කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
 මෙම දැවැන්ත පිපිරීමත් සමඟ විශාල තෙල් ප්‍රමාණයක් අපතේ ගොස් ඇත.
 
 තෙල් නළවල තෙල් සොරකම් කිරීම් වැනි නීති විරෝධී ක්‍රියා නිරන්තරයෙන් වන බව නයිජීරියානු තෙල් සමාගම් පවසයි.
 
 මෑත වර්ෂවලදී අප්‍රිකාවේ විශාලම තෙල් නිෂ්පාදිත රටවල මෙවැනි අනතුරුවලින් 100කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර විශාල පිරිසකගේ ජීවිත අවදානමට ලක්වී ඇත.  
 
 

 63226