IMG-LOGO

නයිජීරියාවේ ඩුමාටුරූ නගරයට ඉස්ලාමීය සටන්කාමීහු පහර දෙති

නයිජීරියාවේ ඩුමාටුරූ නගරයට කඩා වැදුණු ඉස්ලාමීය සටන්කාමීහු පිරිසක් වෙඩි තබමින් සහ බෝම්බවලින් දමා ගසමින් මුස්ලිම් පල්ලි දෙකකට, කි‍්‍රස්තියානි දේවස්ථාන පහකට සහ නගරයේ පොලිස් මූලස්ථානයට ඊයේ (6) දරුණු ප‍්‍රහාරයක් එල්ල කළහ. එම ප‍්‍රහාරයෙන් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූවන්ගේ ගණන දෙසීයකට වැඩිය. ප‍්‍රහාරය එල්ල කළේ නයිජීරියාවේ කි‍්‍රයාත්මක ‘බොකෝ හරාම්’ ඉස්ලාමීය සටන්කාමී සංවිධානයයි. සටන්කාමීන් නගරයට පහර දීමට පැමිණි අවස්ථාවේ පොලිසිය වහා කි‍්‍රයාත්මක වූ අතර දෙපිරිස අතර පැය ගණනක් තිස්සේ වෙඩි හුවමාරු පැවැතිණි. එම වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීන් සිවු දෙනෙක් ද මියගියහ. පොලිසිය පවසන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කිහිප දෙනකු ඇතුළු සටන්කාමීන් විසි දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් ප‍්‍රහාරය සඳහා පැමිණි බවය. පොලිසියේ වෙඩි ප‍්‍රහාර හමුවේ සටන්කාමීන් කිහිප දෙනෙකු පලා ගිය බවත් ඔවුන් සෙවීමට හමුදාවේ සහාය පැතීමට සිදුවූ බවත් පොලිසිය පවසයි. තුවාල ලබා රෝහල් ගත කළ දෙසීය දෙනාගෙන් දහසයදෙනකුගේ තත්ත්වය බරපතළ අතර මියගිය ගණන තවත් ඉහළ යා හැකි යැයි ඩුමාටුරූ නගරයේ රෝහල් ආරංචි මාර්ග හෙළි කරයි. ‘බොකෝ හරාම්’ සටන්කාමී සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක අබු කකා ප‍්‍රහාරයේ වගකීම බාර ගනිමින් කියා සිටියේ මෙවැනි ප‍්‍රහාර ඉදිරියටත් සිදු කරන බවය. වසර ගණනාවක් තිස්සේ නයිජීරියාවේ භීතිය පතුරුවන බොකෝ හරාම් සටන්කාමීන්, අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් සමඟ ද සම්බන්ධකම් පවත්වන බව බව ඇමෙරිකාව පවසයි.  



අදහස් (0)

නයිජීරියාවේ ඩුමාටුරූ නගරයට ඉස්ලාමීය සටන්කාමීහු පහර දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 145 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site