නයිජීරියා ආරක්ෂක අංශ සහ ඉස්ලාමීය සටන්කාමීන් අතර දින දෙකක් පුරා ඇවිළුණු ගැටුම්වලින් පුද්ගලයින් සියයට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව එරට ආරක්ෂක අංශ පෙරේදා (24) පැවසූහ. ඊසාන දිග නයිජීරියාවේ පිහිටි ඩමාටුරු, මයිඩුගුරි සහ පොටිස්කුම් යන නගරවල බොකො හරාම් සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පසුගිය සතිය වන විට උත්සන්න වූ අතර උද්ගතව ඇති තත්වය මැඩපැවැත්වීමට ගැටුම් දරුණු ලෙස පැවැති ඩමාටුරු නගරයට රජයේ හමුදා පැමිණ එහි වැසියන් ප‍්‍රදේශයෙන් ඉවත් කළහ. හමුදාව පැමිණීමෙන් අනතුරුව හටගත් ගැටුම්වලින් සටන්කාමීන් 59 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ. අනතුරුව දින දෙකක් තිස්සේ පැවැති සටන්වලින් හමුදාභටයින්, සිවිල් වැසියන් සහ සටන්කාමීන් ඇතුළු සියයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව එරට හමුදා ප‍්‍රධානියෙකු පැවසීය.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd