නේටෝ සැපැයුම් මාර්ග විවෘත කිරීමට පාකිස්තාන රජය ගත් තීරණය පාකිස්තානයේ ස්වෛරීත්වයට හානියක් යැයි ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂයේ නායක මෙන්ම හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයකු ද වන ඉම්රාන් ඛාන් පවසයි.
පාකිස්තාන දේශපාලන කරළියේ ප‍්‍රබල චරිතයක් වී සිටින ඉම්රාන් ඛාන් මේ බව කියා සිටියේ පෙරේදා (15) ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පෙෂවෝර් නුවර පැවැති විරෝධතා රැලියක් අමතමින්ය. ඊට දහස් ගණනක් සහභාගී වූ බව මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාව මිතුරකු ලෙස තබා ගත යුතු නමුත් ඔවුන්ට ගැති නොවිය යුතු බව ඉම්රාන් ඛාන් පාකිස්තාන රජයට දොස් පවරමින් කියා සිටී. පාකිස්තානය ඇමෙරිකාවේ රූකඩයක් නොවිය යුතු යැයි ද ඔහු වැඩි දුරටත් කීය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉම්රාන් ඔය කොන්ද තියෙන කෙනෙක් .නැතිනම් ජුදෙව් කෙනෙක් බන්දල භය නතුව රටට එනවද ?