ලිබියා අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට යැයි කියමින් නේටෝ හමුදා ගුවන් ප‍්‍රහාර එල්ල කරද්දී මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවූ බවත්, සිවිල් වැසියන් බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි. නේටෝව සිදුකළ ගුවන් ප‍්‍රහාර ගැන සොයා බැලීමට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කර ඇති අතර එහි නායකයා වන්නේ පිලිප් කි‍්‍රෂ්ච්ය. ඔහු පෙරේදා (10) ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙන්නේ නේටෝ ගුවන් හමුදාව එල්ල කළ ගුවන් ප‍්‍රහාර 20 කින් සිවිල් වැසියන් 60 දෙනකු මියගිය බවත්, 55 දෙනකු තුවාල ලැබූ බවත්ය. -‘‘යුද්ධයකදී හමුදා ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් මිය යනවා. ඒත් නේටෝව සිදුකළ එම ගුවන් ප‍්‍රහාර 20 ගැන අප සතුටු වන්නේ නැහැ. සිවිල් වැසියන්ට අනතුරක් සිදුවිය හැකි බව දැනගෙනයි ඔවුන් එම ප‍්‍රහාර එල්ල කර තිබෙන්නේ” යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පෙන්වා දෙයි. ලිබියාවට එල්ල කළ නේටෝ ප‍්‍රහාර සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමටද එම අවස්ථාවේදී තීරණය කෙරුණි.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd