IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


දිය යට නගරය යළි මතුවේ

වසර 25 ක් දිය යට ගිලී තිබී නැවත මතුවූ නගරයක් ගැන ආර්ජන්ටිනාවෙන් වාර්තා වේ.

ආර්ජන්ටිනාවේ බුවෙනොස් අයර්ස් අගනුවරට දකුණු දෙසින් පිහිටි එපෙකුවෙන් නගරය සංචාරක ආකර්ෂණය නොමදව දිනාගත් ප්‍රදේශයක් විය.එපෙකුවෙන් යන නමෙහි තේරුම වනුයේ ‘සදා වසන්තය‘ යන්නයි.මේ නගරයට පැමිණෙන පුද්ගලයින්ගේ මානසික ආතතිය හා විඩාව එකෙණෙහිම පහව යන බවට එදවස මේ ප්‍රදේශය නැරැඹීමට පැමිණි සංචාරකයන් අතර වූ විශ්වාසය විය.කලපුවක් අද්දර පිහිටි දර්ශනීය නගරයක් වූ එපෙකුවෙන්හි 1500 ක් පමණ දෙනා වාසය කළ අතර හෝටල් තානායම් ආදී ව්‍යාපාර කිහිපයක්ද විය.

සාමකාමිී එපෙකුවෙන්හි සියල්ල උඩුයටිකුරු කළ දිනය 1985 වසරේ නොවැම්බර් මස 10 වැනිදාය.සතියක් පුරා ප්‍රදේශයට ඇදහැළෙමින් පැවැති ධාරාණිපාත වර්ෂාව නගරවාසීන් සියලූ දෙනාවම නිවාස වලටම කොටු කර තිබිණි.ඉහළ යන වතුර මට්ටම දරා ගත නොහැකිව කලපුව හා නගරය වෙන් කළ බැමි පුපුරා යන්නේ මහා ජල ප්‍රවාහයකින් මුළු ප්‍රදේශය වසා ගනිමින්ය.දිවි ගලවාගැනීමට හැකි වූයේ සීමිත පිරිසකට පමණි.සියල්ල අවසන් වී බලන කළ ඔවුන් මෙතෙක් ජීවත් වූ සුන්දර නගරය තිබූයේ සම්පූර්ණයෙන් ජලයෙන් යටවීය.

පසුකාලයක සිදුකළ පරීක්ෂණ වලදී නගරය අඩි 10 ක් පමණ උසකට ජලයෙන් යටවී තිබුණි.ජලය ඉවත් කිරීමද නොකළහැක්කක් විය.එනිසා බලධාරීන් ප්‍රදේශය ගැන වද වීම අත්හැර දැමූ අතර දිවි ගලවාගත්තෝ වෙනත් ස්ථාන වල ජනාවාස සාදාගත්හ.

වසරින් වසර ගෙවෙත්ම නගරය යටකරගෙන සිටි ජලමට්ටම ක්‍රමයෙන් අඩුවන සෙයක් දිස්විය.වසර 25 ක් අවසානයේ එපෙකුවෙන් නගරය දැන් සම්පූර්ණයෙන්ම පාහේ නැවත ‘මතුපිට ලෝකය‘ කරා පැමිණ අවසන්ය.මෙතෙන් යළි ජනාවාස ඇති කිරීමක් ගැන සැළැස්මක් ගැන සළකා බලා නොමැත.

 



අදහස් (0)

දිය යට නගරය යළි මතුවේ

අමිල කටුනායක Tuesday, 19 March 2013 03:25 PM

දැන් ආජන්ටිනාවටත් හොද කාලයක් උදාවේවි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 19 March 2013 03:58 PM

දැන් දිය යටින් ගින්දර ගෙනියන අපේ කට්ටිය ගිහිල්ලද දන්නෙ නැහැ. (නි)

:       0       0

ශලිනි Wednesday, 20 March 2013 11:49 AM

වසර 25 තිස්සේ සමුද්‍ර ජල මට්ටම දකුනු ඇමරිකාවට බලපාන පරිදි පහළ යන්නේ ඇයි? (නි)

:       0       0

චතූ Tuesday, 19 March 2013 01:49 PM

පුදුමයි. (නි)

:       0       0

සදුන් Tuesday, 19 March 2013 03:01 PM

හරියට පොම්පෙයි නගරය වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site