පාද අහිමි ‘‘මර්කරි‘‘ නම් පූස් පැටවෙක් මේ දිනවල අන්තර්ජාලයේ ජනපි‍්‍රය වී සිටී.
මර්කරිගේ හිමිකරුවන් පවසන ආකාරයට මර්කරි කුඩා අවදියේදී ඔහුගේ පෙර පොළව තලන යන්ත‍්‍රයකට හසුව තිබේ.දිවි ගලවා ගැනීමට සමත්වුවද මර්කරි රැක බලා ගැනීම අපහසු යැයි හැගුණු හෙයින් සතුන් රැකබලා ගන්නා ආයතනයකට ලබා දීමට අදහස් කළත් පසුව තමන් ඇසුරේම මර්කරි හදා වඩා ගන්නේ යැයි තීරණය කළ බව ඔවුන් කියයි.
මර්කරි හට තම පෙරපා වල අඩුවක් නොදැනෙන ගාණය.පසු පා වලින් සිට ගැනීමට,ඇවිදීමට,පැනීමට පවා මර්කරිට හැකිය.
මර්කරි වෙනුවෙන් ෆේස්බුක් පිටුවක්ද මේ වන විට ආරම්භ වී තිබේ.
වැඩුණු පසු මර්කරිට ඉදිරි පා වල අඩුව යම් තාක් දුරට හෝ පිරවිය හැකි රෝද සවිකළ ආධාරයක් ලබා දීම හිමිකරුවන්ගේ අපේක්ෂාවයි.
COMMENTS
ලස්සන සතා මෙයාට ලොකු වුණාම අත් දෙකක් ලබෙයි
ටොමී වඩා ‘‘මර්කරි‘‘ ගොඩක් හොදයි (අ)
මනුස්ස කම් කියන්නේ ....මේවට තමයි.....උසස් මිනිස් ගුණ ....අපේ රටේ ..නැති ..එක කණගාටුවක් ....(අ)
ඔව් පාලිත මටත් එකම තමයි කියන්න තියෙන්නේ. (අ)
විනෝදයට සතුන් මරණ, හිංසනයට ලක් කරන මිනිසුන් මෙන්ම, සත්ව කරුණාව ඇති මිනිසුන් ද ලංකාවේ ද වෙනත් රටවලද සිටිති. (අ)