IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දකුණු චීන මුහුදට ඇමෙරිකා යුද නැවක් ගිහින්

චීනය අයිතිවාසිකම් කියන අර්බුදකාරී ‘දකුණු චීන’ මුහුද දෙසට ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් යුද නැවක් යාත්‍රා කර ඇතැයි වාර්තා වේ.

‘දකුණු චීන’ මුහුදට තායිවානය සහ වියට්නාමය ද අයිතිවාසිකම් කියන අතර එම රටවල් තුනටම අභියෝග කිරීමේ අරමුණින් ඇමෙරිකාව තම යුද නැව දකුණු චීන මුහුද දෙසට යාත්‍රා කළ බව එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය. 

මිසයිල නාශක යු.එස්.එස් ස්ටෙතෙම් යුද නෞකාව චීනය, තායිවානය සහ වියට්නාමය අයිතිවාසිකම් කියන දකුණු චීන මුහුදට නාවික සැතපුම් 12ක් දුරින් පිහිටි ‘පැරාසෙල්’ දුපත් ආසන්නයෙන් යාත්‍රා කර තිබේ. එම දූපත් දකුණු චීන මුහුදේ තිබෙන දූපත් සමූහයකි.  ‘ෆොක්ස් නිව්ස්’ පුවත් සේවය දකුණු චීන මුහුදේ කෙරෙන මෙම මෙහෙයුම සම්බන්ධයෙන් පළමුවෙන් වාර්තා කර තිබිණි. මෙය ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිධුරය සමයේදී කෙරෙන දෙවැනි නිදහස් නාවික මෙහෙයුමයි (ෆොනොප්). ඉකුත් මැයි මාසයේදී දී ඇමෙරිකාවට අයත් යුද නෞකාවක් දකුණු චීන මුහුදේ චීනය නිර්මාණය කළ කෘතිම දූපතකට නාවික සැතපුම් 12ක් දුරින් ගමන් කරමින් යුද අභ්‍යාස මෙහෙයුමක නිරත විය. 

මෙම සිදුවීමත් සමඟ චීනයට අයත් මුහුදට ඇමෙරිකාවට අයත් නෞකාවක් අනවසරයෙන් ඇතුළු වූ බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. මෙම මෙහෙයුම සම්පූර්ණයෙන්ම දේශපාලනික සහ හමුදාමය වශයෙන් තම රට ප්‍රකෝපකරන මෙහෙයුමක් යැයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි. එම නෞකාවට අනතුරු ඇඟවීම සඳහා යුද නෞකා සහ ප්‍රහාරක ජෙට් යානා යැවූ බව ද චීනය සඳහන් කර තිබිණි. 

චීනයේ ස්වෛරීත්වය උල්ලංඝණය කරන සහ චීනයේ ආරක්ෂාව අනතුරේ හෙළන මෙවැනි ප්‍රකෝපකාරී ක්‍රියා නවත්වන්නැයි ඇමෙරිකාවට අවධාරණය කරන බව ද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්නා බවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්විණි. 

රොයිටර් ඇසුරෙනි 055



අදහස් (1)

දකුණු චීන මුහුදට ඇමෙරිකා යුද නැවක් ගිහින්

prabash Tuesday, 04 July 2017 11:00 AM

ශ්‍රී ලංකාවේ මුහුදට ඇමෙරිකාව කවදාවත් මේ වගේ නැවක් එවන්නේ නෑ. ආවොත් වෙනදේ හොඳටම දන්නවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 209 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site