IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


දකුණු කොරියා ජනපති මියන්මාරයේ සංචාරයක

ආරක්ෂක රැුකවල් මැද දකුණු කොරියා ජනපති ලී මියුන් බක් ඊයේ (14) මියන්මාරයට පැමිණියේය. දකුණු කොරියා රාජ්‍ය නායකයකු මියන්මාරයට පැමිණියේ දශක තුනකට පසුවය. මියන්මාරය බුරුමය ලෙසින් හැඳින් වූ අවදියේදී 1983 වසරේ එරටට පැමිණි දකුණු කොරියා ජනපති, වූ චැන් ඩෝ හුවෑන් ඝාතනය කිරීමට මියන්මාර හමුදා පාලකයන්ගේ ඒජන්තවරු උත්සාහ කළහ. එම ඝාතන සැලැස්මෙන් වූ චැන් ඩෝ ජනපතිවරයා නූලනේ දිවි ගලවා ගත්තේය. හමුදා පාලනය අවසන් වීමෙන් පසු මියන්මාරයේ දැන් පවතින්නේ සිවිල් රජයකි. එම රජය දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැුසක් හඳුන්වා දී ඇති අතර, ඒවා බටහිර රටවලත් අසල්වැසි ආසියානු රටවලත් අවදානයට ලක් වී ඇත. දින දෙකක් මියන්මාරයේ ගත කිරීමට බලාපොරොත්තු වන දකුණු කොරියානු ජනාධිපති බක්, මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් සහ ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී හමුවීමට ද නියමිතය. නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දීමෙන් පසු මියන්මාරයට පැමිණි දෙවැනි රාජ්‍ය නායකයා වන්නේ ද දකුණු කොරියා ජනපතිවරයායි. මීට පෙර පසුගිය අපේ‍්‍රල් මාසයේ බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් මියන්මාරයට පැමිණියේය. මියන්මාර රජය සමඟ සබඳතා වර්ධනය කර ගනිමින් වෙළෙඳ ගනුදෙනු ඇති කර ගැනීමත් උතුරු කොරියාවට එරෙහිව ආසියා කලාපීය රටක් ලෙස මියන්මාරයේ සහාය ලබා ගැනීමත් ද දකුණු කොරියා ජනපති බක්ගේ අරමුණ වේ.



අදහස් (0)

දකුණු කොරියා ජනපති මියන්මාරයේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30177 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12270 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10899 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 770 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 235 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 885 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site