IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


දකුණු කොරියාවෙන් අවතක්සේරුවක්

උතුරු කොරියාව ඉකුත් දා අත්හදා බැලූ අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයට වායුගෝලයට නැවත ඇතුළුවීමේ හැකියාවක් නැතැයි දකුණු කොරියානු බුද්ධි තොරතුරු ආයතනය විශ්වාස කරන බව දකුණු කොරියාව පවසයි. 
 
උතුරු කොරියාව ඉකුත් සතියේදී මිසයිලයක් අත්හදා බැලූ අතර එය න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සහිත අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් යැයි වාර්තා විය.  උතුරු කොරියානු රාජ්‍ය පුවත් සේවය ද එය තහවුරු කර තිබිණි. එම මිසයිලයට ඇලස්කාවට හෝ ඇමෙරිකානු මහද්වීපයට ගමන් කිරීමේ හැකියාව තිබෙන බව ද විශේෂඥයෝ ප්‍රකාශ කළහ. 
 
තම මිසයිල අත්හදා බැලීම සාර්ථක වූ බවත් වායුගෝලයට සාර්ථකව නැවත වරක් පිවිසුණු බවත් උතුරු කොරියාව නිවේදනය කළේය. 
 
යී වෑන්ග් යන්ග් දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ බුද්ධි තොරතුරු පිළිබඳ කමිටුවේ සාමාජිකයකු ද වේ. උතුරු කොරියාව ඉකුත් දා අත්හදා බැලූ අන්තර්මහද්වීපික මිසයිලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම මිසයිලය සාර්ථකව පෘථවි වායුගෝලයට ඇතුළු වූ බව තහවුරු වී නැතැයි පැවැසීය. 
 
“නැවත වායුගෝලයට ඇතුළුවීම අත්හදා බැලීම සඳහා අවශ්‍ය පහසුකම් උතුරු කොරියාව සතුව නැහැ. උතුරු කොරියාව අත්හදා බැලූ මිසයිලය නැවත වායුගෝලයට ඇතුළු තහවුරු කෙරෙන සාක්ෂි කිසිවක් නැහැ” යැයි දකුණු කොරියානු ජාතික බුද්ධි සේවාව උපුටා දක්වමින්  ඔහු කීවේය. 
 
එපමණක් නොව උතුරු කොරියාව ඉකුත් සතියේදී අත්හදා බැලූ මිසයිලය ඔවුන් මැයි මාසයේදී අත්හදා බැලූ කේ.එන් 17 අන්තර්මැදි වර්ගයේ මිසයිලයේ නවීකරණය කරන ලද්දක් යැයි ද යී වෑන්ග් යන්ග් පැවැසීය. 
 
(රොයිටර් 055)



අදහස් (0)

දකුණු කොරියාවෙන් අවතක්සේරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 598 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 508 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site