එංගලන්තයේ තෙල් හා ගෑස් ක්‍ෂේත්‍රයේ සිදුවී ඇති ආර්ථික පසුබෑම හේතුවෙන් අහිමි වෙන රැකියා සංඛ්‍යාව මෙම වසර අවසන් වන විට 120,000 පමණ වනු ඇති කියැවේ.
2015 වසරේ එම ක්‍ෂේත්‍රයේ රැකියා 84000ක් පමණ අහිමි වී ගිය බව සදහන් වන අතර මෙම වසරේ තවත් රැකියා 40000ක් පමණ අහිමි වනු ඇති බවට සැක පළ කරයි.
2014 වසරේ අග භාගයේ සිට ඛනිජ තෙල් මිල අවපාත වීමට පටන් ගැනීම හේතුවෙන් උපයන ප්‍රමාණයට වඩා වැඩි මුදලක් වියදම් කිරීමට සිදුවී ඇති බව බලධාරීහු පවසති. මෙම තත්ත්වය හේතුවෙන් තෙල් සහ ගැස් සමාගම් වලට දුෂ්කර ගමනක් යාමට සිදුවී ඇති බව සමාගම් සමාගම් කියයි.
මෙම තත්ත්වය පිළිබද සාකච්චා කිරීමට ලබන සතියේ ඇබර්ඩීන් හිදී සමුළුවක්ද පැවැත්වීමට නියමිත බව සදහන් වේ. මෙය දිගින් දිගටම ඇති වුවහොත් ලෝක තෙල් කර්මාන්තයට විශාල පාඩුවක් ඇතිවිය හැකි බවත් ඒ හේතුවෙන් මෙම ක්‍ෂේත්‍රයේ රැකියා විශාල සංඛ්‍යාවක් අහිමි විය හැකි බවත් විචාරකයෝ පවසති.
එමෙන්ම මෙම තත්ත්වයෙන් තෙල් කර්මාන්තය ගලවාගැනීමට සියලු සමාගම් සහ එම ක්‍ෂේත්‍රයේ රටවල් එකතු විය යුතු බව ඔවුහු පවසති.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙල් නිසා 120000කගේ රැකියා අනතුරේ?