රථවාහන වල අධි දීප්ත විදුලි පහන දල්වාගෙන (හයි බීම්) අන් අයට බාධා වන අයුරින් රියපැදවීමේ යෙදෙන්නන්ට අපූරු දඩුවමක් දීමට චීනයේ ෂෙන්සෙන් ප්‍රදේශයේ පොලිසිය කටයුතු කරයි.
විදුලි පහන් එළිය වැදී ඉදිරියෙන් පැමිණෙන රියැදුරන්ගේ ඇස් නිලංකාර වන්නේ කෙසේදැයි ඔවුනට දැනවීමට පොලිසිය කරන්නේ ඔවුන් රථයෙන් පිටතට රථයේ අධි දීප්ත විදුලි පහන් එළියට ඇස් සිටින ඔවුන්ට නියෝග කිරීමයි.
මෙම දඩුවමට අකැමැති අයෙක් වේ නම් ඔහුට විශාල දඩයක් ගෙවීමටත් වාහනය පොලිස් භාරයේ තබා යාමටත් සිදුවේ.
මෙනිසා වරදකර හසුවන්නන් බොහෝ දෙනා දඩුවම භාරගන්නා බවත් එයින් පාඩමක් ඉගෙන ගන්නා බවත් පොලිසිය කියයි.
පොලිසිය තමන්ට විනාඩි 5 කටත් අධික කාලයක් පුරාවට විදුලි පහන දෙස බලා සිටීමට බල කළේයැයි ඇතැම්හු චෝදනා කරති.
එම චෝදනා ප්‍රතික්ෂේප කරන පොලිසිය ඇස් වලට හානි වන තරමට දඩුවම බරපතල කිරීමට තමන් කිසිසේත් කටයුතු කර නැතැයි පවසා සිටී.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තිරිසන් වැඩේට තිරිසන් වැඩක්
කුමාරි Friday, 08 August 2014 05:27 AM
පවු වැඩේ උනත් අනුන් ගැන නොසිතන අයට හොඳ පාඩම්.(අ)
රන්ජිත් Friday, 08 August 2014 07:52 AM
බොහොම හොඳ පාඩමක් (නි)
සුසන්ත Friday, 08 August 2014 08:25 AM
මෙහෙටත් ඔය වගේ ක්‍රමයක් ගෙනාවා නම් හොඳයි (නි)
aaa Friday, 08 August 2014 08:58 AM
කැළේ නීතිය තියෙන රටවල් වලට හොද නීතියක්. ගස් බැදිම ගැන මොකද කියන්නේ. (අ)
ලකී දොඩන්ගොඩ Friday, 08 August 2014 10:39 AM
අපේ පොලිසියත් රේට ලයිට් නැතුව යන බයිසිකල් වල හුලන් ඇරලා පයින් තල්ලු කරන යන්න කියනවා. නැතිනම් පොඩි මුදලක් අත මිට තිබ්බම ඔක්කොම ඉවරයි (නදී)