IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ත‍්‍රස්තවාදියා බණ කියයි

2011 සැප්තැම්බර් මාසයේ 11 වැනිදා ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ප‍්‍රහාරයේ මහ මොළකරු, ඇමරිකාව ලෝක සාමය නාමයෙන් කරන මිනිස් ඝාතන තරයේ විවේචනය කරයි. ප‍්‍රහාරය සැළසුම් කළ බවට චෝදනා ලැබ සිටින කලීඞ් ෂෙයික් මොහොමඞ් මෙසේ සදහන් කළේ ඇමරිකාවේ ග්වන්ටානාමෝ බේ සිර කදවුරේ පැවැති නඩු වාරයකට සහභාගී වෙමිනි. ප‍්‍රහාරය නිසා අහිමි වූ ජීවිත සංඛ්‍යාව 3000 කට ආසන්නය. පුද්ගලයින් 3000 කගේ ජීවිත වෙනුවෙන් තමාට දඩුවම් කිරීමට සැරසෙන ඇමරිකාව ලෝකය පුරා සිදුකරන මහා මිනිස් සංහාර සාධාරණීකරනය කරන්නේ කෙසේදැයි හෙතෙම ප‍්‍රශ්න කරයි. ඇමරිකාවට ලෝක සාමය ගැන හරිහමන් අදහසක් නොමැති බවත් ඔවුන්ට අවශ්‍ය විට ලෝක සාමය උදෙසා යැයි කියමින් මිනිස් ඝාතන පීඩා ආදිය සිදු කිරීම ඇමරිකාවම සාධාරණීකරණය කර ගන්නා බවත් එයට බහුතර ලෝක ජනතාව කිසිසේත් එකග නොවන බවත් කලීඞ් පවසයි. ඇෆ්ගනිස්තාන හමුදා භටයකු ලෙස සේවය කර ඇති කලීඞ්ට එරෙහිව නැගී ඇති චෝදනා වී ඇත්තේ අල් කයිඩා සංවිධානය හා ගනුදෙනු කිරීම සාමාන්‍ය වැසියන්ට පහර දීම යුද නීති උල්ලංඝනය කරමින් මිනිස් ඝාතන සිදු කිරීම හා දේපළ විනාශ කිරීම යන ඒවාය. එල්ල වී ඇති චෝදනා වලට වැරදිකරු වුවහොත් කලීඞ්ට මරණ දඩුවම පැනැවෙනු ඇත.



අදහස් (0)

ත‍්‍රස්තවාදියා බණ කියයි

සුසන්ත Friday, 19 October 2012 01:51 AM

අයියෝ සල්ලි

:       0       0

පීටර් Friday, 19 October 2012 02:04 AM

ඇමරිකාව නැත්නම් මුස්ලිම් කට්ටිය මුළු ලෝකෙටම වැඩේ දීලා තියෙයි. එයාලට ඕනෑ ඔක්කොම එයාලගෙ පැත්තට ගන්න. (නි)

:       0       0

වසන්ත Thursday, 18 October 2012 05:44 PM

මුළු ලොකෙම යුද්ධයට හේතුව ඇමරිකාවයි.. ඔවුන්ට විරුද්ධව කතාකරන්න කෙනෙක් නැහැ.. එහෙම උනානම් ලෝකෙම රටවලට සාමය ලැබෙනවා.!(නු)

:       0       0

මුතුකුඩ Thursday, 18 October 2012 01:51 PM

ෙමි අයුරින් කථාකරන කවුරුත් ඇමරිකාවට ත්‍රස්තවාදියෙක් ලෙසයි මම නම් දකින්නේ. (නි).

:       0       0

නලින් Thursday, 18 October 2012 02:39 PM

ත්‍රස්තවාදියා බණ කියනවා කියන්නඑපා එයා කියන්නේ ඇත්ත.. ඒ උනාට තුන්දාහක් මරපු එයාට අනිවාර්යයෙන්ම එල්ලුම් ගස් යවන්න  ඕන..!(නු)

:       0       0

ශාමින් Thursday, 18 October 2012 07:11 PM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)

:       0       0

නාපාවල කටාර් Thursday, 18 October 2012 02:46 PM

ලෝකයේ පලවෙනි ත්‍රස්තවාදියා අමරිකාවයි .අමතක උනාද යුද්ධයේ අවසානකාලයේ එල්.ටී.ටී.ඊ කට්ටිය බේරගන්න ඇමරිකාව සහ මිතුරු රටවල් දගලපු දැගලිල්ල .(නු)

:       0       0

ෂලිනි Friday, 19 October 2012 09:12 AM

යුද්ධයේ අවසාන කාලයේ ප්‍රභාකරන් බේරන්න උත්සාහ කළේ ඇමරිකාව කියන්න තියෙන සාක්ෂි මොනවාද? දැන් ලංකාවේ ත්‍රස්තවාදීන් අධිකරණයට ඇවිල්ලා ලංකාව උතුරේ මිනිස්සු මැරුවා කිවුවොත් එයාව නිදහස් කරනවද? (නි)

:       0       0

නිරාන් Friday, 19 October 2012 09:43 AM

පීටර් මහත්තයා හරි. (නි)

:       0       0

නන්දලාල් Thursday, 18 October 2012 08:18 PM

ලෝකයේ බොහෝ රටවල ඇතිවන යුද්ධ වලට මුල ඇමරිකාවයි (නි)

:       0       0

නි න ගමගේ Thursday, 18 October 2012 12:31 PM

ඔහු කියන කතාව සමිපුර්න ඇත්ත. ඔහුටත් දඩුවමි කලයුතුයි.(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27885 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18184 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10883 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 653 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 852 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site