IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ත්‍රස්තවාදියට ඉඩ නොදෙන්නැයි ඇමෙරිකාවෙන් ඉල්ලීමක්

 

රට, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා භාවිත කිරීම වැළැක්වීමට  ‘කඩිනම්, තිරසර සහ ස්ථීර’ ක්‍රියාමාර්ග ගන්නැයි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව, පාකිස්තානයෙන් ඉල්ලීමක් කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා වන ඇමෙරිකා එක්සත් ජනපද - ඉන්දියානු ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ 17 වැනි රැස්වීම අවසානයේ දී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකාව සහ ඉන්දියාව, පාකිස්තානයෙන් මෙම ඉල්ලීම කළේය.

සැප්තැම්බර් 9-10 යන දෙදින මුළුල්ලේ අන්තර්ජාලය ඔස්සේ මෙම රැස්වීම පැවැත්විණි. 2008 වසරේ දී මුම්බායි නුවරට එල්ල වූ ප්‍රහාරය සහ 2016 වසරේ පතන්කොට් ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ඇමෙරිකාව සහ ඉන්දියාව මෙහිදි ඉල්ලීය .

අල්කයිඩා, ඉස්ලාමික් ස්ටේට්, ලක්ෂාර්-ඊ-තයිබා, ජායිෂ්-ඊ-මොහොමඩ් සහ හිස්බුල් මුජහිදීන් යන ත්‍රස්තවාදී ජාලවලට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම සහ අවශ්‍යතාව ද රටවල් දෙක මෙහිදි අවධාරණය කළේය.

 

‘හින්දුස්තාන් ටයිම්ස්’

055



අදහස් (1)

ත්‍රස්තවාදියට ඉඩ නොදෙන්නැයි ඇමෙරිකාවෙන් ඉල්ලීමක්

විජේ Thursday, 17 September 2020 04:43 AM

ඉතිහාසය බලද්දී ලෝකයේ ලොකුම ත්‍රස්තවාදි කන්ඩායම විදිහට කටයුතු කරල තියෙන්නෙ ඇමරිකානු රජය කියලයි මගේනං අදහස.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site