දැකුම්කළු පැලෑටි තම කාර්යාලයේ සහ මේසය මත තබාගෙන සිටීමෙන් කාර්ය මණ්ඩලයේ ඵලදායීතාව හා නිර්මාණාත්මක හැකියාව ඉහළ නැංවෙන බව පර්යේෂණයක් මගින් තහවුරු වී ඇත.

පැලෑටි කාර්යාලයේ තබා ගැනීමෙන් කාර්ය මණ්ඩලයේ සුබ සාධනය ද සියයට 47කින් ඉහළ දැමිය හැකි බවත් ඔවුන් පෙන්වා දී ැඅත.

මෙම අධ්‍යනය සැලසුමි කළ එක්ඊටර් සරසවියේ පර්යේෂක කණ්ඩායම ගෘහ ආශ්‍රිත ගෙවතු හා කාර්යාලයීය අලංකාර කටයුතු සම්බන්ධයෙන් ද ඒවායේ නිෂ්පදාන ප්‍රමාණයට එල්ලවන බලපෑම සන්සන්ධනය කිරීමෙන් ද මේ පර්යේෂණය සිදුකැර තිබේ.

මේ සදහා තෝරාගත් 350 දෙනෙකුගෙන් ඔවුන්ගේ නිර්මාණශිලිත්වය, ප්‍රිතිමත් බව හා ළුලදායිතාවය මැන බැලිණි. මොවුන් විවිධ පරිසරයන් යටතේ පරීක්ෂණ අනූවක් මගින් මැන බැලූ බව පර්යේෂකයෝ කියති. ඔවුන් පවසන්නේ  වාණිජ පරිසරයේදී පැලෑටි මගින් මනෝමය අස්වැසිල්ල සහ වාණිජමය කාර්ය සාධනය ඉහළ යන බවත්ය.

එක්ඊටර් සරසවියේ මනෝවිද්‍යඥ ආචාර්ය ක්‍රේග් නයිටි මෙම පරික්ෂණ කණ්ඩායමේ ප්‍රධානියායට. ඔහු මෙසේ කියයි.

මේ ආකාරයට තම වැඩ පරිසරය සැළසුම් කිරීමෙන් සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාම, ප්‍රීතිමත් බාවය මෙන්ම ඵලදායීතාව ඉහළයන බව අපේ පරීක්ෂණයෙන් පෙනී ගියා. නමුත් මේ මූලධර්ම ගැන ස්ථිරව ම සොයා බැලීමට තවත් පියවර ගත යුතුයි. දැනටමත් පැහැදිලියි සේවා ස්ථානයේ ඵලාදායීව පවත්වාගෙන යාමට ශාක මහෝපකාරී වන බව.

ආචාර්ය නයිටි පවසන්නේ රෝහල්වල රෝගීන් අසළ පැලෑටි තැබීමෙන් රෝගීන්ගේ වේදනාවන් අඩුවූ බව තහවුරු වූ බවයි. එමේන්ම ඔවුන්ගේ තෙහෙට්ටුව මගහැරිය හැකි බවත් පෝච්චි තබා තිබූ රෝහල් කාමර ඇතුළත සියයට 50ක් හෝ 60ක් පමණ බැක්ටීරියා නැසී තිබූ බවත් හෙළිවී ඇත.

බ්‍රිතාන්‍යයේ නිවාස හා කාර්යාලයන්හි මෙලෙස පැල අඩංගු පෝච්චි තැබීමට සෑම දෙනාම උනන්දු වී ඇති බවත් එමගින් මිනිසුන්ගේ එදිනෙදා ජිවිතයේ කැපී පෙනෙන වෙනසක් දක්නට ලැබෙන බවත් පර්යේෂකයෝ පවසති.

එරට රාජකීය කෘෂිකර්ම විද්‍යාලය පවසන්නේ සිසුන්ගේ පන්තිකාමරවල පැල සහිත පෝච්චි තැබිමෙන් ළමුන්ගේ අධ්‍යාපනික උනන්දුව ඉහළ ගිය බවයි. ගෘහස්ථ පැලෑටි මගින් වායුවේ ඇති විෂ සහිත බව පැය 24 දී සියයට 87කින් අඩු කරන බව නාසා ආයතනය පවසයි. නෝර්වේ රාජ්‍යයේ කෘෂිකාර්මික සරසවිය පවසන්නේ ගෘහස්ථ පැලෑටි මගින් කැස්ස, උගුරේ තුවාල සහ සෙම්ප්‍රතිශ්‍යාව හා සම්බන්ධ රෝග තත්ත්වයන් සියයට 30න් අඩුකරන බවයි.

මේ සියළු දත්ත පිරික්සීමේ දී සිය නිවසේ, කාර්යාලයේ ආදී සෑම තැනකම පැලෑටි වැවීමත් මිනිසාගේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වැඩිකිරීමට මෙන්ම සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාමටත් ඉවහල් වන බව ස්ථිර කරුණකි.