තත්පරයකින් ආරෝපණය කළ හැකි වියළි කෝෂ වර්ගයක් නිපදවීමට ඇමරිකාවේ ඉලිනොයි විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.
සාමාන්‍යය වියළි කෝෂයේ අභ්‍යන්තර ව්‍යුහය වැඩිදියුණු කර මේ නව වර්ගය නිපදවා තිබේ.ව්‍යුහය වැඩි දියුණු කළේ යැයි කියා කෝෂයේ ප්‍රමාණයේ වෙනසක් සිදුවී නොමැත.මේ වියළි කෝෂ දැනට භාවිතයේ පවතින ඒවාට වඩා දෙතුන් ගුණයකින් බලයෙන්ද වැඩි බව පර්යේෂකයන් පවසයි.
‘‘සාමාන්‍ය වියළි කෝෂ වල තියෙන ගැටලූව මොකක්ද?..ආරෝපණය ඉතිරි කර ගන්න ඕන නම් ඉතින්
වැඩිය පාවිච්චි කරන්න බැහැ.ඒ නිසා අපි ගොඩක් දෙනා පුරුදුවෙලා ඉන්නේ අඩුවෙන් පාවිච්චි කරන්න.මොකද වැඩියෙන් පාවිච්චි කරලා නැවත නැවත ආරෝපණය කරන්න ගියහම නාස්ති වෙන්නේ අපේ කාලය.මේ නව වියළි කෝෂයේ ඒ ගැටලූ නැහැ.ආරෝපණය කරන්න යන්නේ තත්පරයයි.බලයත් වැඩියි.මෙච්චර කල් දුරකථන පරිගණක ආදිය දියුණු කරාට කවුරුවත් වියළි කෝෂ දියුණු කරන්න උත්සාහ කරේ නැහැ.දැන් ඒකත් හරි.ඉස්සරහට නිශ්පාදකයන්ට තව තව අංග ඔවුන්ගේ නිශ්පාදන වලට එක් කරන්න මේ නිසා හැකිවේවි‘‘යි පවසන්නේ පර්යේෂණ කණ්ඩායම මෙහෙයවූ විලියම් කින්ග්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොදයි... සන්තෝෂයි..!(නු)
අපිට බෑ අපිට නෑ ඇයි පන නැද්ද?.පුළුවන් මිනිස්සු කරගෙන යනවා. බල්ලෝ බිරුවට තවලම ඇදෙනවා.(නදී)
ඇමරිකානු විශ්ව විද්‍යාලවල අපේ රටේ සිසු සිසුවියන් පී එච් ඩී කරනවා.මම දන්නා සිසුවෙකුත් ඉතා සියුම් දිගු කල් පවතින වියලි බැටරි නිෂ්පාදනයට අවශ්‍ය පර්යේෂණයක් කරනවා.පියවර කිහිපයක් සාර්ථක වෙලා ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවක පලකරලත් තිබුනා.ලංකාවේ දරුවෙකුටත් තැනක් ලැබුනොත් කාටද ආඩම්බර? (නි)
ජීවන්,කොන්ගෝ රටේ තඹ නිධි තියෙන බව සොයාගත්තා. ඇමෙරිකාව ඇහැ ගැහුවා. රට ඇතුලේ කෙටෙව්වා.තඹ නිධි තිබුන නගරයේ අය කිවුවා ඒවා අයිති ඒ නගරයේ අයට විතරයි කියලා.ඇන කොටා ගත්තා.අගමැති ආධාර ඉල්ලුවා.ආවේ නැහැ.තඹ නිධි බෙල්ජියම මංකොල්ල කාගත්තා.අන්තිම හරියේදී සාම සාධක හමුදාව ආවා කොන්ගෝ රටට උදව්වට.අගමැතිට මොකද වුණේ???ඔය එක් උදාහරණයක් පමණි. (නි)
පරගැති මානසිකත්වයෙන් මිදෙනතුරු යතාර්ථය අවබෝධ කර ගත නොහැක. භවයේ අඳුර වැනසූ සඳ හිරු සේම,සැලකු දහම කරනෙමි මම නැමදීම. (නි)
කොච්චර සම්පත් පරිබෝජනය කළත් කමක් නැහැ ලෝකේ වටේ මිනිස්සු මරන්නේ නැතුව. (නි)
ලංකාවටත් ඉක්මනින් අවොත් හොදයි. (නි)
ප්‍රතිචාර දක්වන්නන්ගේ ප්‍රතිචාර විවේචන කරන්න මම කැමතිම නැත. ඒ උනත් සදරුවන් මල්ලීගේ කතාව 100% ක් ම අනුමත කරනවා. 2 වෙනි ලෝ කයුද්ධය කාලේ ඇමෙරිකාව ජපනුන්ට කල විනාශය නිසා අදත් ජපානයේ උපදින අන්ද,ගොළු, බිහිරි දරුවන්ගේ සංඛ්‍යාව ඉතා විශාලයි. සරණාගතයෝ නැව් පිටින් ගියේ බ්‍රසීලයට. මුහුදේ පාසී, බෙල්ලන්, ආඳුන් පවා ආහාරයට අරගෙන ඉඳලා තියෙන්නේ. ඒ උනත් ඇමරිකන් තාක්ෂනය නිසා ජපානය දියුණු උනා කියල අදටත් දේවත්වයේ ලා ඇමරිකාවට සලකනවා. ඒකයි තාක්ෂණයේ රහස.(නදී)
සදරුවන් දැක්කද වැඩ... ඔයාටත් ඕනෑද එකක්? (නි)
දැක්කද දියුණුව සදරුවන්? දැන් කියන්න අපේ අහවල් රජතුමා අරක හැදුවා, රාවනාට දඩුමොනරෙක් හිටියා.... කියලා. (නි)
http://braungroup.beckman.illinois.edu/PaulBraun.html (නි)
ඇමරිකානු පර්යේෂක කණ්ඩායමට සුභ පැතුම්! (නි)
ඇමෙරිකාව තාක්ෂණයෙන් දියුණුයි.ඒවාට සල්ලි හොයාගන්න විදිය තමයි නින්දිත.ඇමෙරිකානු ජනගහනය ලෝක ජනගහනයෙන් 7%. පරිබෝජනය කරනවා ලෝක සම්පත් වලින් 36%. සුඩානයේ සෑම තත්පර 25 කට සැරයක් ළමයෙක් මැරෙනවා කන්න නැතුව. (නි)
ඇමෙරිකාව තාක්ෂණයෙන් දියුණුයි.ඒ තාක්ෂණයෙන් තමා පකිස්තාන්,ඇෆ්ගනිස්ථාන්,ඉරාක්,වල මිනිස්සු මිලියන ගණන් මැරුවේ.ජපානේ තවමත් අංග විකල ළමයි ඉපදෙන්නේ ඒ තාක්ෂණෙන් තමයි. (නි)
පාපැදියක් වත් හදා ගන්න බැරි අපට පුරාජේරුව විතරයි තියෙන්නේ. යුද්ධ වලින් මරාගන්න හැම රටකටම එහෙම වෙලා තියෙන්නේ උත්සාහය නැතිකම,මොලය පාවිච්චි නොකිරීම මිස වෙන රටවල වැරදි නිසා නොවේ. (නි)
අජිත් මහතා කිවුවා වගේ ඇමරිකාවේ වැඩ කරන්න දක්ෂයින්ට ලෝකේ කොහෙන් වුණත් කමක් නැහැ, ඇමරිකාවේ දොර ඇරලා. ඒකට පිටිපස්සේ යන්න,වන්දිබට්ටකම් කරන්න ඕනෑ නැහැ.ජාතින් 46 එකට ඉන්නේ ඒකයි. දියුණුවේ රහස උත්සාහය. (නි)
සදරුවන් කියන විදියට 36% පමණක් නොවේ, ඉදිරියේදී ග්‍රහ ලෝක වල තියන දේ පරිභෝජනය කරන්නයි එයාලා හිතන් ඉන්නේ. ඒකට අපි ඉරිසියා කරලා වැඩක් නැහැ. අපට තියෙන දේ අපි පරිබෝජනය කරන්නෙත් නැහැ. බලන්න දඹුල්ලේ එළවලු... (නි)
මේ තාක්ෂණය ඉක්මනින්ම ලෝකේ ප්‍රචලිත වෙයි. ලගදි ටයරයක් හැදුවා, හුලන්,ටියුබ් කිසිත් නැතිව යන්න. ඒක දැන් මැදපෙරදිග විකිනෙනවා. (නි)
මම හිතන විදියට නම් ජපානයේ හිට්ලර්ට එකතු වෙලා කළේ හොද වැඩ නෙමෙයි.පැසිෆික් රටවල් වන ඉන්දුනීසියාව, ෆිලිපිනේ, ඕස්ට්‍රේලියාව, ෆිජි ,සැවොම වගේ රටවල් තොගයක් අල්ලගන්න බර ගානක් මැරුවා.ලංකාවටත් බෝම්බ දැම්මා.ඇමරිකාවටත් දැම්මා. (නි)
මිනිස්සු බැන්නත් ලෝකෙට ඇමරිකාව කළ තාක්ෂණික දායාද අනන්තයි. (නි)
ඇමරිකාවට මුලින්ම ගැහුවේ ජපානෙනේ. ජපානෙට මදි නොකියන්න දුන්නේ අන් රටවලට පෙනෙන්න. වැඩේ වැරදි වුණත් ජපානේ හොද රටක් නම් හිට්ලර්ට එකතුවෙයිද? ලංකාවෙත් කොළඹට ත්‍රිකුනාමලේට බෝම්බ දැම්මා. (නි)
කලින් කලට ලොව බලවතුන් බිහිවේ. කලෙක එංගලන්තේ, ප්‍රංශේ, ඉන්දියාවේ,ඊජිප්තුවේ,රොමේ,චීනේ වගේ. මේක තමා හැටි. මේ යන විදියට ඉරානේ වගේ ආගමක් කරේ තියාගෙන ඇවිදින රටක් ලෝක බලවතා වෙනවට වැඩිය ඇමරිකාව ඉන්න එක හොදයි. (නි)
වෙලාවකට හිතෙනවා ඇෆ්ගනිස්තානේ වගේ රටවල් හරි අවාසනාවන්ත රටවල් කියලා. කාලයක් සෝවියට් දේශයෙන් ගුටි කෑවා.දැන් ඇමරිකාවෙන්. (නි)
ඕක තම මහත්තයෝ බලය කියන සංකල්පයේ හැටි. සේවියට් දේශයේ මුළු නැගෙනහිර යුරෝපෙම අල්ලාගෙන හිටියා.වරක් චීනය කිවුවා ලංකාව ඉන්දියන් හමුදාව ඇරියේ නැත්තම් කොටින්ට උදවු කරනවයි කියලා.ඕක තමා හැටි.අපි විස්සෝප වෙලා වැඩක් නැහැ. (නි)
සදරුවන්, ඇෆ්ගනිස්තානේ,ඉරාකේ,සිරියාවේ අය ඒකාධිපතියන්ට විරුද්ධව ඇමරිකාවෙන් උදවු නොඉල්ලා කොහෙන්ද ඉල්ලන්නේ? උදවු ගන්න ඇමරිකාවට ගිය අය තමයි අද ඇෆ්ගනිස්තානේ,ඉරාකේ බලේ ඉන්නේ. ඒකට ඉතින් ඇමරිකාව මක් කරන්නද? (නි)
ඉරානේ වගේ ප්‍රජතන්ත්රවාදේ, මානවහිමිකම් වෙනුවට ආගමක් කර පින්නාගෙන ඇවිදින රටක් ලෝක බලවාතුනොත් මොන තත්වෙයක් ලෝකෙට උදාවෙයිද... (ස)