IMG-LOGO

ණය ගෙවා දමන්න වේදනාකාරී ආර්ථික ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි

ණය ගෙවා අවසන් කිරීම සඳහා තම රටට “වේදනාකාරී” ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවැසීය. 

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානියා හමුවීමෙන් අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඒ බව කීවේය. 

ඩුබායි නුවර ලෝක ආණ්ඩු සම්මේලනය අමතමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එම කරුණු සඳහන් කළේය. කිස්තානය දැවැන්ත අයවැය හිඟයකට මුහුණ දෙමින් සිටි බවත් එම කාලයේදී එම හිඟය පියවා ගැනීමට කටයුතු කළ බවත් හෙතෙම කීය. 

“මම නැවතත් කියනවා. ප්‍රතිසංස්කරණ වේදනාකාරියි. ඒක ශල්‍යකර්මයක් වගේ. ඔබ ශල්‍යකර්මයක් කරද්දි රෝගියා තරමක වේදනාවක් විඳිනවා. එහෙත් ශල්‍යකර්මය කිරීමෙන් අනතුරුව තත්ත්වය හොඳ අතට හැරෙනවා” යැයි ඉම්රාන් ඛාන් කීවේය. 

“සමාජයකට වෙන්න පුළුවන් නරකම දේ ප්‍රතිසංස්කරණ කල් දැමීමයි. විරෝධතා පැමිණෙනු ඇතැයි බියෙන් ප්‍රතිසංස්කරණ කල් දැමීම තරම් නරක දෙයක් තවත් නැහැ. පටු වුවමනා තිබෙන අය නැගිට ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරනවා. ඊට බයෙන් ඔබ ප්‍රතිසංස්කරණ කරන්නේ නැහැ. එය තරම් නරක දෙයක් තවත් නැහැ” යැයි ද පාකිස්තාන අගමැතිවරයා කීය. 

සම්මේලනය ඇමතීමට පෙර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඞ් හමු වී සාකච්ඡා පැවැත්වූ බව ද වාර්තා විය.

පාකිස්තාන රාජ්‍ය බැංකුවට අනුව පාකිස්තානය ගෙවීමට ඇති විදෙස් ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 100කට ආසන්න වේ. 

අල් ජසීරා ඇසුරිනි 

055



අදහස් (0)

ණය ගෙවා දමන්න වේදනාකාරී ආර්ථික ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 137 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site