ඇමෙරිකාව හමුදාව, නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගෙන මෙතෙක් එල්ල කර ඇති ප‍්‍රහාරවලින්, 2,227 දෙනකු මියගොස් ඇති බවත්, එයින් සියයට 3 ක් පාකිස්තාන සිවිල් වැසියන් බවත් පාකිස්තාන රජය කියා සිටී.
අගමැති නවාස් ෂරීෆ්ගේ රජය මේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද දැනුම් දී ඇති බව ද වාර්තා වේ.
ඩ්‍රෝන යානා යොදා ගනිමින්, යුද අපරාධ සිදු කරන්නේ යැයි ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ද ඇමෙරිකාවට දොස් පවරා ඇත. එම චෝදනා ඇමෙරිකා රජය ප‍්‍රතික්ෂේප කරයි.
ඩ්‍රෝන ප‍්‍රහාර එල්ල කරන්නේ ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කරගෙන බවත්, එය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන්නක් බවත් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත.
ඇමෙරිකන් හමුදාවේ ඩ්‍රෝන ප‍්‍රහාරවලින් ප‍්‍රහාරවලින් පාකිස්තාන සිවිල් වැසියන් මියයෑම පාකිස්තාන අගමැති ෂරීෆ්ගේ දැඩි දෝෂ දර්ශනයට හේතුවක් වී ඇත. අගමැති ෂරීෆ් චෝදනා කර සිටියේ ඇමෙරිකාව පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් එම ප‍්‍රහාර එල්ල කරන බවටය.
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවට අයත් ගෝති‍්‍රක ප‍්‍රදේශය අල් කයිඩා සහ තලේබාන් සටන්කාමීන්ගේ තෝතැන්නක් වී ඇත. ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා හමුදා එම සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම් වැඩි කළේ 2009 වසරේ දී ජනපති ඔබාමා බලයට පත් වීමෙන් පසුවය. දෙවැනි ධුර කාලය සඳහා යළි තේරී පත් වුණු අවස්ථාවේදී ද ජනපති ඔබාමා කියා සිටියේ ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් කරන මෙහෙයුම් තව තවත් වැඩි කරන බවය.
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා ප‍්‍රදේශයේ ඇමෙරිකානු හමුදාව එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළින් ද විරෝධයක් එල්ල වී ඇත. ඇමෙරිකානු මානව හිමිකම් සංවිධානය චෝදනා කරන්නේ ඇමෙරිකාව අමු අමුවේ මිනී මරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදාරණ පහර දීම ! (ස)
කෝ මේවට නැත්ද මානව හිමිකම් පරීක්‍ෂණ? (ස)
කෝ මේවට නැද්ද අපේ බක පණ්ඩිත ප්‍රතිචාර? සියල්ලටම කලින් අපේ අයගෙන් අපේ රට ආරක්ෂා කරගන්න ඕනෑ. (නි)
දැන් කෝ මේ පිල්ලේ? (නි)