ඉරානය ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ඩ්‍රෝන යානයක් බිම හෙළීමත් සමඟ ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට අනුමැතිය දුන්නේ යැයි ද පසුව එම අනුමැතිය ඉවත් කරගත්තේ යැයි ද “නිව් යෝක් ටයිම්ස්” පුවත්පත වාර්තා කර ඇත.
ඉරානය ඇමෙරිකාවට අයත් ඩ්‍රෝන යානයක් බිම හෙළමින් කළේ “ලොකු වරදක්” යැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා තිබිණි.
ඇමෙරිකාව බ්‍රහස්පතින්දා සවස්වරුව වනවිට ඉරානයේ ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකු උපුටා දක්වමින් “නිව් යෝක් ටයිම්ස්” පුවත්පත වාර්තා කර තිබිණි. කෙසේ නමුත් අනුමැතිය ලබා දී වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඉරානයේ ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් සියල්ල මුල් අදිරයේදීම නවතා දමා තිබේ.
ධවල මන්දිරයේ සහ පෙන්ටගනයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බව ද “නිව් යෝක් ටයිම්ස්” පුවත්පත වාර්තා කර තිබිණි. කෙසේ නමුත් ඉදිරියේදී ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් තොරතුරු නිශ්චිතව වාර්තා නොවීය.
ඇමෙරිකාවට අයත් “යු.එස්. ග්ලෝබල් හ්වෝක්” රහස්‍ය තොරතුරු සොයන ඩ්‍රෝන යානයක සුන්බුන් තම මුහුදු සීමාවේ තිබී සොයාගත් බවත් තමන් ඊට මිසයිල ප්‍රහාරයක් ඉල්ල කළ බවත් ඉරානය ප්‍රකාශ කළේය. එහෙත් තම ඩ්‍රෝන යානයට ප්‍රහාර එල්ල වූයේ යානය ජාත්‍යන්තර මුහුදු සීමාවට ඉහළින් තිබියදී යැයි පෙන්ටගනය පැවැසීය.
“ඉරානය ඉතා ලොකු වැරැද්දක් කළා” යැයි ඉන් අනතුරුව ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කළේය.
“එය වුවමනාවෙන් කළා කියලා විශ්වාස කරන්න අමාරුයි. ඔබට ඇත්ත දැනගන්න අවශ්‍ය නම්, එය කළේ පිස්සු මොළේ හොඳ නැති කෙනෙක්” යැයි ද ට්‍රම්ප් මහතා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කළේය.
ඉරානයේ ක්‍රියාවට ප්‍රතිචාර දක්වන්නේ දැයි මාධ්‍යවේදියකු විමසූ විට “ඔබට දැනගන්නට ලැබේවි” යැයි ඇමරිකානු ජනපතිවරයා පැවැසීය.
මේ අතර තමන්ට යුද්ධයක් අවශ්‍ය නැති නමුත් සිය භූමිය ආරක්ෂා කරන බව ඉරාන විදේශ අමාත්‍යවරයා පැවැසීය.
“අපිට යුද්ධයක් ඕනේ නැහැ. අපි අපේ ගුවන, මුහුදු සීමාව සහ භූමිය ආරක්ෂා කරනවා” යැයි ඉරාන විදේශ අමාත්‍ය මොහොම්මද් ජවාද් සරීෆ් මහතා කීවේය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කරන කියනදේ නැර අනිකුත් සියලුදෙනා කරන කියන දේවල් වැරදියි.