IMG-LOGO

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක්

ඇමෙරිකාවේ ජනාධිපති මැතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් නාමයෝජනා ලැබීමට සුදුසුකම් ලබා සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සායක් වළක්වාලීමට ඇමෙරිකා  පොලිසිය සමත්විය.

ලාස්වේගාස් නගරයේ පැවති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගිවූ මැතිවරණ රැස්වීමක රාජකාරියේදී සිටි පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය උදුරා ගෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබිමට ගත් උත්සාහයක් ආරක්ෂක නිලධාරීන් මැදිහත්වී වළක්වා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට  බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ මයිකල් ස්ටීවන් (19)   අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පවසා තිබුණේ තමන් එතැනට පැමිණියේ ඩොනල්ඩ් ට්‍රම්ප් මරාදැමීමට බවයි. ලාස්වේගාස් නගරයට පැමිණීමට කලින් ඔහු ගිනි අවි භාවිතය පිළිබඳව පුහුණු මධ්‍යස්ථානයකට ගොස් වෙඩි තැබීම පිළිබඳ සරල පුහුණුවක් ද ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය කියයි.

ඇමෙරිකා පොලිසිය මේ සිද්ධිය පිළිබඳව මෙතෙක් පැහැදිලි විස්තරයක් නිකුත් කර නැත. මෙතෙක් වාර්තා වී ඇති තොරතුරු අනුව දැනගැනීමට ඇත්තේ "ආරක්ෂක සීමාවන්ට යටත් කලාපයක ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කිරීමට උත්සාහ කිරීම" සඳහා ස්ටීවන් සැන්ඵර්ඩ්ට විරුද්ධව චෝදනා ගොනුකර ඇති බවය.

මෙම සිදුවීමේ දේශපාලන සංවේදීභාවය නිසා සැබෑ තොරතුරු එළිවීමේ පමාවක් පවතින බවට විදෙස් වාර්තා සඳහන් කර ඇත.

සිද්ධිය පිළිබඳව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ අත්අඩංගුවට පත්ව සිටින බ්‍රිතාන්‍ය ජාතිකයාගේ දේශපාලන පසුබිම, සමාජ ක්‍රියාකාරකම් සහ මානසික ස්වභාවයන් පිළිබඳ වාර්තා ඇමෙරිකා බලධාරීන් වෙත සැපයීමට කටයුතු කර ඇති බවයි.

 



අදහස් (0)

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක්

දර්ශන Tuesday, 21 June 2016 10:48 PM

මාර වැඩේ තමයි.(හේ)

:       0       0

චමින්ද Friday, 24 June 2016 07:16 AM

ඇමරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site