IMG-LOGO

ඩුටර්ටේ දියණිය උප ජනපති සටනට

පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ වැඩිමල් දියණිය සාරා ඩුටර්ටේ කාර්පියෝ, ලබන 2022 වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී පිලිපීන උප ජනාධිපති ධුරය වෙනුවෙන් තරග වදිනු ඇතැයි පැවැසෙයි.

දියණිය සාරා ඩුටර්ටේ කාර්පියෝ ඒ සඳහා නාම යෝජනා බාර දුන් බව ඇගේ පක්ෂය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. 43 හැවිරිදි සාරා ඩුටර්ටේ කාර්පියෝ, නීතීඥවරියක වන අතර ඇය මේ වනවිට ඩවාඕ නගරාධිපතිනිය ලෙස කටයුතු කරයි.

පියා ඩුටරේට් ද නීතීඥවරයකු ලෙස කටයුතු කර, ඩවාඕ නගරාධිපති ධුරය හොබවා, ජනතා ප්‍රසාදය දිනා, පිලිපීන ජනාධිපති ධුරයට පත් වූවෙකි. දළදඩු ජනාධිපතිවරයකු ලෙස රොද්‍රිගෝ ඩුටර්ටේ ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ ඔහු මත්ද්‍රව්‍ය මර්දනයට  හමුදාව යොදවා ඇති බැවිනි.

රොද්‍රිගෝ ඩුටර්ටේගේ ධුර කාලය 2022 වසරෙන් අවසන් වන අතර, යළිත් වරක් ජනාධිපති ධුරයට තරග වැදීමට ඔහුට ව්‍යවස්ථාවෙන් අවසර හිමි වන්නේ නැත.

(රොයිටර්)



අදහස් (0)

ඩුටර්ටේ දියණිය උප ජනපති සටනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 146 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 679 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site