අයිඑස් ත්‍රස්තයන් බංග්ලාදේශයේ ඩකා නුවර අවන්හලකට එල්ලකළ ප්‍රහාරයෙන් 20 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට නවතම ආරංචි පවසයි.
මිය ගිය අය අතරින් වැඩි පිරිසක් විදේශිකයන් බව කියති. ඩකා නුවර හොලි අර්ටිසන් අවන්හලට බලෙන් ඇතුළුවූ තුවක්කුකරුවෝ එහි සිටි පිරිස ප්‍රාණ ඇපයට ගත්හ.
ප්‍රහාරයට පැමිණි පිරිසෙන් 6 දෙනකු මිය ගිය බවත් එක් අයකු අත්අඩංගුවට ගත් බවත් බංග්ලාදේශ ආරංචි කියයි. මිය ගිය ප්‍රාණ ඇපකරුවන් අතර ජපන්, ඉතාලි, ඇමරිකා සහ ඉන්දීය ජාතිකයන් වන බව කියති.
මේ අතර එම ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කර බංග්ලාදේශයේ දින දෙකක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ත්‍රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ පිරිසේ සිටි විදේශිකයන් වෙන් කර ඔවුන්ට වෙඩි තබා ඇති අතර ත්‍රස්තයන්ට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ගිය පොලිස් භටයන් දෙදෙනකුද මිය ගොස් ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඩකා ප්‍රහාරයෙන් 20ක් මරුට : බංග්ලාදේශයට දින දෙකක ශෝක කාලයක්