කාශ්මීරය සම්බන්ධයෙන් දශක ගණනාවක් මුළුල්ලේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන අර්බුදය විසඳීම සඳහා මැදිහත්කරුවකු වීමට සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (22) පැවැසීය.
ඉන්දු-පාකිස්තාන අර්බුදය ද්විපාර්ශවීය ලෙස විසඳා ගත යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපදය දීර්ඝ කාලයක සිට පැවැසීය.මැදිහත්කරුවකු වීමට සූදානම් යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම ඇමෙරිකාවේ එම දීර්ඝකාලීන ප්‍රතිපත්තිය වෙනස් වීමකි.

1947 වසරේදී බි්‍රතාන්‍යයේ යටත්විජිත පාලනය අවසන් වීමත් සමඟ කාශ්මීරය ඉන්දියාවත් පාකිස්තානයත් අතර බෙදාදුන් අතර මේ වනවිට චීනය ද කාශ්මීරයේ කොටසකට හිමිකම් කියයි.
එතැන් පටන් ඉන්දියාවත් පාකිස්තානයත් අතර දිගින් දිගටම අර්බුද හා නොසන්සුන්කාරී තත්ත්ව ඇතිවිය. ඉන්දියාව සහ පාකිස්තානය දකුණු ආසියානු කලාපයේ න්‍යෂ්ටික බලවතුන් වීම ද විශේෂත්වයක් වන අතර ඔවුන් අතර අර්බුද ඇතිවීම දකුණු ආසියානු කලාපයට මෙන්ම මුළු මහත් ආසියානු කලාපයටම තර්ජනයකි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ කරුණු ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටින පාකිස්තාන ජනාධිපති ඉම්රාන් ඛාන් හමුවෙමිනි.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉම්රාන්, ඕකගේ ගැට වලට අහුවෙන්න එපා. මේගොල්ලෝ කවද්ද ආසියාතික රටකට හොඳක් කලේ. හොඳට තියෙන රටවල් මෙයාලට පෙන්න බැහැ. රටවල් දෙකක් කොටවලා සමාදානයේ මැදිහත් කරුවෙකු ලෙස පෙනී ඉන්නවා.