IMG-LOGO

ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායකයා ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට

පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (1) පියවර ගත්තේය.

ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කළේය.

එහෙත් චීනය තාක්ෂණික කරුණක් මතු කිරීම නිසා එම යෝජනාව කල් තැබිණි. චීනය තම විරෝධතා ඉවත් කරගැනීමත් සමඟ මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද (1) පියවර ගත්තේය.

පෙබරවාරි 14 වැනිදා මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළු 40ක් මරුමුවට පත්වූහ. ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගත්තේය. එම ප්‍රහාරය නිසා ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ද හටගත්තේය. 

අල් කයිඩා සංවිධානය සමඟ සබඳකම් පැවැත්වීම මසූද් ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. 

මසූද් නායකත්වය දරන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායම් ලැයිස්තුවට ඇතුළත් කරන ලද්දේ 2001 වසරේදී ය. 

මසූද් ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීමත් සමඟ ඔහුගේ ජාත්‍යන්තර වත්කම් සියල්ල අත්හිටුවන අතර ගෝලීය සංචාරක තහනමක් සහ ආයුද තහනමක් ද පැනවේ. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (0)

ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායකයා ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site