IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජපානය යළි තල්මස් දඩයමට ?

වසරකට වඩා කාලයක් නවතා දමා තිබු  ඇන්ටාර්ටිකාවේ තල්මසුන් දඩයම නැවත ලබන වසරේ සිට අරඹන බව ජපානය නිවේදනය කර තිබේ.

මෙම තීරණය සියළුම ආකාරයේ තල්මසුන් දඩයමෙන් ජපානය ඉවත්විය යුතු බවට  ජාත්‍යන්තර අධිකරණය දි තිබු නියෝගයට පටහැනිබව සත්වවේදීහු පවසති.

ජපන බලධාරීන් පවසන්නේ ජාත්‍යන්තර නියෝගය පිළිගන්නා අතර විද්‍යාත්මක කටයුතු සඳහා ඉතා කුඩා ප්‍රමාණයෙන් තල්මසුන් දඩයම් කිරීම සිදුකරන බවයි.

ජපානයේ මෙම නිවේදනය පරිසරවේදීන් සහ ඔස්ට්‍රේලියානු රජය තරයේ හෙළා දකියි.

ඔස්ට්‍රේලියානු පරිසර ඇමති ග්‍රෙග් හන්ට් පවසා ඇත්තේ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා තල්මසුන් දඩයම යන ඊනියා ප්‍ර‍කාශය තමන් කිසිවිටකත්  පිළිනොගන්නා බවයි. ඔස්ට්‍රේලියාව ජපාන තල්මසුන් දඩයමට එරෙහිව  නෙදර්ලන්ත ජාත්‍යන්තර  අධිකරණයේ ගොනු කර තිබූ නඩුවකින් 2014 වර්ෂයේ දී ඕස්ට්‍රේලියාවට ජය අත්විය. විද්‍යාත්මක කටයුතු සඳහා යැයි කියමින් ජපානය විසින් තල්මසුන් දඩයම් කිරීමේ එකම අරමුණ ඔවුන් විද්‍යාත්මක කටයුතු සදහා යොදා ගැනීම යැයි යන්න කිසිසේත්ම පිළිගත නොහැකි බවයි. එබැවින් තල්මසුන් දඩයම සඳහා යොදවා සිටින කණ්ඩායම් නැවත කැඳවිය යුතු බවට එම අධිකරණය තීරනය කරණ ලදී.

2005 සිට ජපානය තල්මසුන් 3600 ක් පමණ පර්යේෂණවලට බව කියමින් දඩයම් කර මරා දමා තිබෙන බව වාර්තා වී තිබේ.



අදහස් (0)

ජපානය යළි තල්මස් දඩයමට ?

විජිත් Saturday, 28 November 2015 04:53 PM

අධික මිලට මේ මස් ජපානයේ වෙළඳසැල් වල විකිණීමට තබා තියෙනවා. ග්‍රීන්පීස්ලා නොසිටින්නට ජපනා මුළු ලෝකයේම මුහුදුවල සිටින තල්මසුන් මරාගෙන කාවි. (නි)

:       0       0

කිත්සිරි Saturday, 28 November 2015 05:59 PM

අනේ මෙහෙමත් අපරාධ! (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Saturday, 28 November 2015 08:31 PM

දැන් තල්මසුන් මරනවාට ගොඩක් රටවල් විරුද්ධවෙලා කෑගහනවා. නමුත් මේ ලෝකේ හැමතැනම අහිංසකයන් මරනවා. ඒවාට මේ ලොකු රටවල් කිසිම සද්දයක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 883 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site