රජයේ කටයුතු අඩකට වඩා වැඩි ප්‍රමාණයක් අඩපණව තිබුණත් මේ වසරේ මුල් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදය ආර්ථිකය තුළ අලුතෙන් රැකියා 304,000ක් නිර්මාණය වී ඇතැයි එරට සංඛ්‍යා දත්තා වාර්තා කරයි.
ඉදිකිරීම්, සෞඛ්‍ය හා සුව සේවා සහ සත්කාරක යන අංශවලින් එලෙස නව රැකියා අවස්ථා නිර්මාණය වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කම්කරු දෙපාර්තමේන්තුවට අනුව සේවකයන්ට කරන ගෙවීම්වල වර්ධනය උද්ධමන අගයන්ට ඉහළින් ස්ථාවර මට්ටමක තිබී ඇත.
කෙසේ නමුත් සති පහකට ආසන්න කාලයක් රජයේ කටයුතු අඩපණ වී තිබීම නිසා විරැකියා අනුපාතය සියයට 4.0ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය මාස හතකට පසු වාර්තා කළ ඉහළම අගය වේ.
ඒ.එෆ්.පී. ඇසුරෙනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අවස්ථාවක්...