කාලතුවක්කු රැගත් චීන නැවක් හා වෙරළාරක්ෂක යාත්‍රා කිහිපයක් ජපානයට අයත් යැයි පවසන මුහුදු තීරයට පැමිණ පැයකට ආසන්න කාලයක් ගත කර ඇතැයි ජපන් රජය පවසයි.
ටෝකියෝ නගර බලධාරින් පවසන්නේ විවාදයට තුඩු දී ඇති ‘සෙන්කාකු‘ දූපත අසළ මේ නැව හා යාත්‍රා රැදී තිබූ බවයි. ‘සෙන්කාකු‘ යනු නැගෙනහිර චීන මුහුදේ පිහිටි දූපතකි. ජපානය පවසන්නේ එය තම රටට අයත් දූපතක් බවයි. චින රජය පවසන්නේ තම වැසියන් විසින් ‘ඩයෝයුස්‘ යනුවෙන් හදුන්වන එම දූපත චීනයට අයත් බවයි.
මේ දූපත ජන ශුන්‍ය දූපතකි. එහි අයිතිය පළිබද දෙරට අතර දැඩි මතවාදයක් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානය දෙවන ලෝක යුද්ධය කාලයේ, ආසියාවේ බොහෝ රටවල ආක්‍රමණය කරමින්, කොරියාව චීනය වැනි රටවල් තම පාලනයට නතු කරගෙන, ලෝකයේම යුධ ගිනි ඇවිළවූ රටකි. එකල අයිති කරගත් අනුන්ගේ දුපත් බොහෝය. ඒවාට තවමත් හිමිකම් කිවුවාට, ඒවායේ නියම හිමිකරුවන් ඒවා දැන් තම පාලනයට ගන්නා කාලය ඇවිදින්ය (නි)
ඔය නැව ගියේ මුහුදෙනේ. ඉතින් ඕකට ජපානය බියවන්න ඕනෑ නැහැ. අතීතයේ ජපානය විසින් චීනය යටත්කරගෙන සිටියා. අද චීනයට පුළුවන් ජපානය යටත් කරගන්නට. එහෙත් චීනය එසේ සිදු නොකරන බව ලෝකයා දනී (නි)
එයාලා නිකන් විවේක ගන්න නවත්වන්න ඇති (නි)