IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


චීන ගගනගාමිනියක් උඩු ගුවනේ වැඩ

චීන ගගනගාමිනියක වන වැංග් යපිංග් ඊයේ (8) අභ්‍යවකාශයේ ගගන සක්මනක නියැළෙමින් වාර්තාවක් පිහිටුවූවාය. ඒ, ගගන සක්මනකට එක් වුණු පළමු චීන කාන්තාව ලෙසය.

ගගන සක්මනක් (ස්පේස් වෝක්) යනු අභ්‍යවකාශයේ පාවෙමින් කිසියම් කටයුත්තක නියැළීමය. 41 හැවිරිදි වැංග් යපිංග් අභ්‍යවකාශයට ගොස් සිටින්නේ, චීනය අභ්‍යවකාශයේ ඉදි කෙරමින් පවතින 'ටියැංගොන්' නමැති අභ්‍යවකාශ නැවැතුම්පොළේ එකලැස් කිරීම් සඳහාය.

වැංග් යපිංග් සමඟ චීන ගගනගාමීහු දෙදෙනෙක් අභ්‍යවකාශයට ගොස් සිටිති. ඔවුන් දෙදෙනා 55 හැවිරිදි සායි ෂී යැංග් සහ 41 හැවිරිදි යේ ග්වාෆු ය. මොවුන් තිදෙනා රැඳී සිටින්නේ  'ටියැංගොන්' නැවැතුම්පොළට අයත් ප්‍රධාන කොටස (මොඩියුලය) තුළය. මෙම මොඩියුලය හැඳින්වෙන්නේ 'ටියැංහේ' යනුවෙනි.

ඊයේ (8) ගගන ඇඳුමින් සැරැසී අභ්‍යවකාශයේ පාවෙමින්, පැය 6 ක එකලැස් කිරීමේ මොහයුමක් වැංග් යපිංග් ට පැවැරී තිබුණි. ඇය පැය 6 යි මිනිත්තු 25 කින් සාර්ථකව එම මෙහෙයුම සම්පූර්ණ කළ බව චීන අභ්‍යවකාශ ආයතනය පවසයි.

අභ්‍යවකාශයේ සක්මන් කළ පළමු චීන ගගනගාමිනිය වන වැංග් යපිංග් චීනය විසින් අභ්‍යවකාශයට යවනු ලැබූ දෙවැනි කාන්තාවය. චීනය නියෝජනය කරමින් පළමුවෙන් අභ්‍යවකාශයට ගියේ ලී යැංග් ය. ඒ, 2012 දීය. වැංග් යපිංග් පළමුවෙන් අභ්‍යවකාශයට ගියේ 2013 වසරේ සිදු කළ ගගන මෙහෙයුමේදීය. ඉදිවෙමින් පවතින 'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය පළමු කාන්තාව වන්නේ ද වැංග් යපිංග් ය.

වැංග් යපින්ග් උපත ලබා ඇත්තේ 1980 ජනවාරි 27 වැනිදාය. පාසල් අධ්‍යාපනය අවසන් වීමෙන් පසු ඇය චීන ගුවන් හමුදා නියමුවකු ලෙස පුහුණුව ලැබුවාය. ඇය චීන අභ්‍යවකාශ වැඩසටහනට සම්බන්ධ වූයේ ප්‍රහාරක යානා ගුවන් නියමුවරියක ලෙසිනි. ඇය විවාහකය.

වැංග් යපිංග් සහ සෙසු ගගනගාමීන් දෙදෙනා ද ඇතුළු කණ්ඩායම හැඳින්වෙන්නේ 'ෂෙන්සු13' යන නමිනි. කණ්ඩායමේ නායකයා සායි ෂි ගැංග් ය. මොවුන් තිදෙනා, මාස 6 කට වැඩි කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටින බව චීනය පවසා ඇත. චීන ගගනගාමීන් කණ්ඩායමක් මාස 6 ක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටින පළමු අවස්ථාව වන්නේ මෙය වනු ඇතැයි ද පැවැසෙයි. මොවුන් තිදෙනා අභ්‍යවකාශය බලා පිටත්ව ගියේ පසුගිය ඔක්තෝබර් 16 වැනිදාය. ඒ, ගෝබි කාන්තාරයේ පිහිටි චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

(රොයිටර්)



අදහස් (0)

චීන ගගනගාමිනියක් උඩු ගුවනේ වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site