චීනයේ නව ජංගම දුරකථන සේවා සඳහා ලියාපදිංචි වීමේදී මුහුණ ස්කෑන් කිරීම අනිවාර්ය කර ඇතැයි වාර්තා වේ.
එරට අන්තර් ජාලය භාවිතා කරන මිලියන ගණනක් පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා මෙය සිදුකරන බව බලධාරීහු පවසති.
රජය පවසන්නේ සයිබර් අවකාශයේ සැරිසරන පුද්ගලයන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උනන්දු වන බවයි.
චීනය මේ වනවිටත් ජනගහන සමීක්ෂණ සඳහා මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණ භාවිතා කරන අතර එවැනි තාක්ෂණයන් හි ලොව ප්‍රමුඛයා ද වෙයි.
චීනය වසර ගණනාවක් තිස්සේ උත්සාහ කරන්නේ අන්තර් ජාල භාවිතා කරන්නන් ඔවුන්ගේ සැබෑ නමින් එහි පෙනී සිටිනු දැකීමට බව බලධාරීහු පවසති.
නිර්ණාමික දුරකථන අංක සහ නිර්ණාමික අන්තර් ජාල ගිණුම් ඉවත් කිරීමෙන් සයිබර් ආරක්ෂාව ඉහළ නැංවෙන අතර අන්තර්ජාල වංචා අවම වනු ඇතැයි පර්යේෂකයෝ පවසති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නහය චප්ප වෙච්ච චීන මුහුණු එක වගෙයි.