වොෂින්ටන්හිදීය (රොයිටර්)
චීනයෙන් කෙරෙන තාක්ෂණික භාණ්ඩ මත සියයට 25ක බද්දක් පනවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (15) නිවේදනය කළේය.
බදු පනවා ඇති භාණ්ඩවල සම්පූර්ණ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 50ක් බව ද පැවසේ.
බුද්ධිමය දේපළ, තාක්ෂණය යන ක්ෂේත්‍රවලට සම්බන්ධ භාණ්ඩ මත මෙම බදු පැනවීම සිදු කර තිබෙන අතර චීනය ඊට දැඩි ප්‍රතිචාර දැක්වීමට ගියහොත් තවදුරටත් බදු පනවන බව ද ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
“චීනයේ නිෂ්පාදිත 2025 (මේඩ් ඉන් චයිනා 2025)” යන උපායමාර්ගික සැලසුම යටතට අයත් භාණ්ඩ මත විශේෂයෙන් මෙම බදු පැනවෙන බව කී ඇමෙරිකා ජනාධිපතිවරයා එම භාණ්ඩ ඉහළ තාක්ෂණික කර්මාන්ත අල්ලාගෙන සිටින බව ද කීවේය .
ඒ තුළින් චීනයේ ආර්ථිකය වර්ධනය වුවත් ඇමෙරිකා එක්සත් ජනපදය සහ තවත් රටවල් රැසක ආර්ථික වර්ධනයට හානි කරන බවත් බදු පැනවීම් නිවේදනය කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා කීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd