IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


චීනය ඝණ අපද්‍රව්‍ය ආනයනය තහනම් කරයි

 

 

එක් අවස්ථාවකදී ලොව විශාලතම සාගර අපද්‍රව්‍ය ලබන රට වූ චීනය ලබන වසරේ සිට සියලු ඝණ අපද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇත. හරිත ආර්ථික තත්ත්වයකට ගමන් කිරීමේ වසර තුනක් මුළුල්ලේ ගත්තේ ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා චීනය මෙම පියවර ගෙන තිබේ.


ප්ලාස්ටික්, කඩදාසි සහ ලෝහවලින් ඇතුළු විදේශවලින් ගෙනෙන අපද්‍රව්‍ය ප්‍රතිචක්තීකරණය කිරීමෙන් නිෂ්පාදන අංශය චීනයේ දායකත්වයට සහාය දැක්වූ අතර දශක හතරක මුළුල්ලේ චීන ආර්ථිකයට සහාය දැක්වීය. කෙසේ නමුත් එයින් පරිසරයට සහ මනුෂ්‍යයන්ගේ සෞඛ්‍යට කරන හානියත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ආර්ථික වර්ධනයක් කරා යන ගමනටත් බාධා එල්ල කිරීම නිසා සහ එම පිළිවෙත දිගින් දිගටම පවත්වාගෙන යෑමට නොහැකි බව පෙනී ගොස් තිබේ.  


ඉකුත් වසරේ නොවැම්බර් මාසය වනවිට චීනයට ආනයනය කළ ඝණ අපද්‍රව්‍ය තොගය ටොන් මිලියන 7.18ක් වූ අතර එය පසුගිය වසර හා සැසඳීමේදී සියයට 41ක පහත වැටීමකි.


චීනය 2017 වසරේ සිට ඝණ ද්‍රව්‍ය ආනයනය කිරීම සීමා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස මේ වසරේ දී ද ඝණ ද්‍රව්‍ය ආනයනය කිරීම පහත වැටිණි. සංඛ්‍යා දත්තවලට අනුව 2017 වසරේදී ආනයනය කළ ඝණ ද්‍රව්‍ය ආනයන තොගය ටොන් මිලියන 42.27ක් වූ අතර 2018 වසරේ ආනයනය කළ ඝණ ආනයන ද්‍රව්‍ය තොගය මිලියන 22.63කි. චීනය 2019 වසරේ දී ආනයනය කර ඇති ඝණ ද්‍රව්‍ය ආනයන තොග මිලියන 13.48කි.


මෙම නව තහනම යටතේ විදේශවලින් චීනය‌ට අයත් භූමියට කසළ, විශේෂයෙන්ම ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීම, ගොඩගැසීම සහ පිට කිරීම ද තහනම් වේ.


“ඝණ අපද්‍රව්‍ය ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ ජයග්‍රහණය අපට පෙනෙන මානයේ තිබෙනවා” යැයි චීන පරිසර හා පරිසර විද්‍යා අමාත්‍යාංශයේ ඝණ අපද්‍රව්‍ය සහ රසායනික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චියු චිවෙන් පැවැසීය.


සංවර්ධිත රටවලින් බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කිරීමට චීන කර්මාන්තකරුවන්ගේ තිබෙන ඇබ්බැහි වීම ඉක්මනින් නවතා දැමීමට බලාපොරොත්තු වන බව හෙතෙම කීය. එසේම දේශීය වෙළෙඳපොළ තුළින් ඇති වන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කිරීම කෙරෙහි නැවත අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කීය.


“මේක සුබ ප්‍රවෘත්තියක්!” යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙන්ම එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
චීනය ඝණ අපද්‍රව්‍ය තහනම් කිරීමට තීරණයට හෙතෙම එලෙස ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සතුට පළ කර තිබිණි.


“මෙය සංවර්ධිත රටවලට තව තවත් නවෝත්පාදනය කෙරෙහි අවධානය යොමු කිරීමට බල කරන්නක්. ඒ වගේම සංවර්ධිත රටවලට ඔවුන්ගේ ඝණ අපද්‍රව්‍ය ගැන වග බලාගන්න බල කරන තීරණයක්” යැයි ද ඔහු සඳහන් කළේය.
 
ෂිංහුවා ඇසුරිනි  

055



අදහස් (0)

චීනය ඝණ අපද්‍රව්‍ය ආනයනය තහනම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site