නවදිල්ලි අගනුවර සිට දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ‍්‍රගාමී මගී දුම්රියක ඊයේ (30) උදෑසන හදිසියේ ගින්නක් හටගත් අතර මඟීහු තිස් දෙදෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලැබූ 26 දෙනකු රෝහල් ගත කෙරුණි. ගින්න හටගත්තේ දුම්රිය අන්ද්‍රා ප‍්‍රදේශය හරහා ධාවනය වෙමින් තිබියදී නෙලෝර් නගරයට නුදුරු ස්ථානයකදීය. එක් මැදිරියක හටගත් ගින්න සීඝ‍්‍රයෙන් යාබද මැදිරියට පැතිර ගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. ගින්නට හසුවී ඇත්තේ එම මැදිරි දෙක පමණි. ගින්න හට ගැනීමත් සමඟ දුම්රියේ සිටි මගීන් මහත් සේ බියටත් කලබලයටත් පත් වූ අතර ඇතැමුන් පණ බේරා ගැනීමේ අදහසින් ධාවන වන දුම්රියෙන් එළියට පැන ඇතැයි ද වාර්තා වේ. පිළිස්සුම් තුවාල ලැබූ සහ දුම් ආඝ‍්‍රාණය වූ මඟීන් ළඟම පිහිටි හයිද්‍රාබාද් සහ අනන්තපූර් රෝහල් කරා ගෙන යෑමට පියවර ගත් බව වාර්තා වේ. ගින්න හටගත් මැදිරි මුළුමනින්ම අළුවී ගොස් ඇති අතර ඒවා තුළ සිරවුණු පිළිස්සුණු සිරුරු එළියට ගැනීමට සහන සේවකයන්ට ඉමහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවිය. දුම්රිය කටයුතු පිළිබඳ අමත්‍යාංශයේ ප‍්‍රකාශිකා චන්ද්‍රලේඛා මුඛර්ජි මාධ්‍ය හමුවේ කියා සිටියේ මළ සිරුරු එළියට ගැනීමට සහන සේවකයන් ඉමහත් පරිශ‍්‍රමයක් දැරූ බවය. ගින්න හටගත්තේ කෙසේදැයි සෙවීමට කඩිනමින් පරීක්ෂණ ආරම්භ කළ බව ද ඉන්දීය දුම්රිය කටයුතු පිළිබඳ අමත්‍යාංශ පවසයි. දුම්රිය බලධාරීන් අනුමාන කරන්නේ කිසියම් අයකු ගිනි ගන්නා සුලූ දෙයක් දුම්රියෙන් ගෙන යෑමට උත්සහ කරන්නට ඇති බවය. ඉන්දියාවේ දුම්රිය අනතුරු සුලභය. ඊට හේතු වී ඇත්තේ දුම්රිය කටයුතුවල ආරක්ෂාව ඉතා දුර්වල තත්ත්වයක පැවැතීමය. දුම්රිය නඩත්තු කටයුතු ද ඉතා අක‍්‍රමවත් ලෙස සිදුවේ.
2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම
කැනඩාවේ ජීවත් වන, ඉන්දීය විරෝධීන් ඉලක්ක කර ගනිමින්, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට ඉන්දීය රජය සැලැසුම් කර ඇතැයි අනාවරණය වීමත් සමඟ, කැනඩා අග්‍රාමාත්‍ය ජස
අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100
කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහ
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය ලෙස සැලකෙන බෘහස්පතිට අයත්, ‘යුරෝපා’ චන්ද්‍රයාගේ රහස් සෙවීමේ අරමුණින්, ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ‘ක්ලිපර්’ නමැත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
චෙන්නායි දුම්රියේ ගින්නක්:
මධුෂාන් Tuesday, 31 July 2012 08:31 PM
මිය ගිය සියළු දෙනා ගැනම බළවත් කණගාටුව පළ කරමු.. තුවාල ලැබූවන් සුවපත්වේවා..!! (නු)
සහන් දසනායක Tuesday, 31 July 2012 08:30 PM
මෙහෙම පණ පිටිං පිච්චෙන්න මේ මිනිස්සු ගිය ආත්මවල පව් කරලා ඇති...!!(නු)
සනත් ඉන්දික Tuesday, 31 July 2012 09:57 PM
මරණෙන් පසු පින් පව් ගැන කතාකරල වෙඩක් නැහැ ...අනච්චාවත සංකාර කියනවා මිසක් ..සැම දෙනාටම නිවන් සුව !!(නු)