ගාසා තීරයට ඇතුළුවන ප‍්‍රධාන මායිම වන රාෆා මායිම නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ඊජිප්තු බලධාරීන් තීරණය කර ඇත.
ඊට හේතු වශයෙන් ඊජිප්තු බලධාරීන් ප‍්‍රකාශ කරන්නේ සිනායි ආර්ධද්වීපයේ රාෆා නගරයේ ඊජිප්තුවට අයත් ප‍්‍රදේශයේ පවතින අර්බුදකාරී තත්ත්වයයි.
මෙම පිටවුමට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි බව බලධාරීහු පවසති.
ඊජිප්තු බලධාරීන් පැවසුවේ සිනායි ප‍්‍රදේශයේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙම පිවිසුම වසා දැමූ බවයි.
ගාසා තීරයේ සිටින හමාස් සංවිධාන ප‍්‍රකාශකයන් පවසන්නේ ගාසා තීරය වැසූබව ඊජිප්තු බලධාරීන් විසින් පවසා ඇති බවයි.
මෙම පිවිසුමේ ප‍්‍රධානියාද පවසා සිටියේ ඊජිප්තුව පනවා ඇති නීති හේතුවෙන් දවසකට පිවිසුමෙන් එහා මෙහා ගිය පුද්ගනයින් සංඛ්‍යාව 1200 සිට 300 දක්වා අඩුවී ඇති බවයි.
COMMENTS
මේ මැදපෙරදිගත් අප්‍රිකානු රටවල් ටිකත් සෑමදාම එකීනෙකා මරා ගන්නේ . බටහිර ලෝකය කරන උපක්‍රම ඔවුන්ට නොතේරෙන බැවිනි . මං හිතන්නේ ඔවුන්ට එය තේරුම් ගන්ට මොලයක් නැත. මේ රටවල එකම ආගමේ සහෝදරවරුන් පිල් බෙදී එකිනෙකාට කඩේ යමින් තම ජාතියත් ආගමත් නැති කර ගනිති. (ස)