ඇමෙරිකාවේ ඇට්ලන්ටා ගුවන් තොටුපොළ ලෝකයේ වඩාත් කලබලකාරී ගුවන් තොටුපොළ බවට පත්ව ඇත. 2013 වර්ෂයේ දී කෝටි 9.44ක් මේ ගුවන් තොටුපොල හරහා ගමන්ගත් බව වාර්තා වී ඇත. එසේ වුව ද ඒ මගීන් ප්‍රමාණය 2012 ට වඩා සියයට 1.1 ක අඩුවීමකි.
චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කලබලකාරී ගුවන් තොටුපොළ අතර දෙවැනි ස්ථානයට පත්ව ඇත. තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍යෙය් හීත්‍රෝ ගුවන් තොටුපොළයි.
ජාත්‍යන්තර සමීක්ෂණ පෙන්වා දෙන්නේ ලෝව ගුවනින් යන්නන්ගේ ප්‍රමාණය පසුගිය 2013 වර්ෂයේ දී සීඝ්‍රයෙන් වැඩි වී ඇති බවයි. 2013 දී කෝටි 630කි. එය 2012 වර්ෂයට වඩා සියයට 4.6ක වර්ධනයකි.
ඇට්ලන්ටා ගුවන් තොටුපොළ ලෝකයේ ගුවන් යානා ගුවන්ගත වීම් හා ගොඩබැස්සවීම් අතරින් ඉදිරියෙන් සිටියි. ඒ පසුගිය වර්ෂයේ එවැනි වාර 911,000ක් සම්පූර්ණ කරමිනි.
වැඩිම භාණ්ඩ ප්‍රවාහන ගුවන් තොටුපොළ බවට පත්ව ඇත්තේ චීනයේ හොං කොං ගුවන් තොටුපොළයි. පසුගිය වසරේ දී මේ ගුවන් තොටුපොළින් බාණ්ඩ මෙට්‍රික් ටොන් ලක්ෂ 42ක් භාණ්ඩ ප්‍රවාහණය කැර ඇත. භාණ්ඩ ප්‍රවාහන ගුවන් තොටුපොළවල් අතර දෙවැනි ස්ථානයට ඇමෙරිකාවේ මෙම්ෆීස් ගුවන් තොටුපොළත් තුන්වැනි ස්ථානයට චීනයේ ෂැංහයි ගුවන් තොටුපොළත් පත්ව ඇත.
ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිළිබඳ දත්ත රැගත් මාණ්ඩලික වාර්තාවක මේ සම්බන්ධ තොරතුරු ප්‍රකාශයට පත්කැර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මස්තාන්, මේක නම් අමුතු අදහසක් නොවේ. ඇත්ත අදහසක්. අපේ රටේ තමා ලෝකයේ අඩුම මගීන් සංඛ්‍යාවක් සහ ගුවන් ගමන් සංඛ්‍යාවක් ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තියෙන්නේ. (නි)
සමහර වෙලාවට මේකේ සමහරු අමුතු අදහස් දානවා. (නි)
අැට්ලන්ටාවත් බෙයිජින්වලින් වත් අපට වැඩක් නැහැ මත්තල කීයද කියන්න. කටුනායක කීයද. ලංකාවේ බිස්නස් වල තත්වේ බලාගන්ට පුළුවන් මත්තලයි කටුනායකයි ගැන කිවොත්. (නදී)