IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගන්නා පියවර ලෝකයාට කියයි

ඉන්දියාව පළමු වරට දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් තමන් ගැනීමට බලාපොරොත්තු වන පියවර සම්බන්ධයෙන් ඉකුත් දා ලෝක ප්‍රජාව දැනුවත් කළේ ය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නොවැම්බර් 1 වැනිදා එක්සත් දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ඇමතීය.

ඉන්දියාව මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග ගැන මෙන්ම ඉන්දියාවේ අනාගත ඉලක්ක සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා ලෝක ප්‍රජාව දැනුවත් කළේ ය.

මේ සම්බන්ධයෙන් ඉන් දිනකට පසුව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංගලා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ ය.

“දිනයේ සුවිශේෂීම සිද්ධිය වූයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය යි. එය වැදගත් ප්‍රකාශයක්. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන ගෝලීය ක්‍රියාමාර්ගයට ඉන්දියාව මෙමඟින් විශාල දායකත්වයක් සපයනවා” යැයි ඉන්දීය විදේශ ලේකම්වරයා ඉකුත් දා කීය.

“අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේදී ඉන්දියාව ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය පමණක් නොව ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග අනාගත ඉලක්ක සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් කළා” යැයි හෙතෙම කීවේ ය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය කතාවේදී ඉන්දියාව වසර 2070 වනවිට කාබන් වායු විමෝචනය ශූන්‍ය අගයකට ගෙන බව පැවැසීය.

ඉන්දියාව වසර 2030 වනවිට සිය බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 50ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් ලබාගන්නා බවත් ෆොසිල නොවන බලශක්ති ධාරිතාව ගිගාවොට් 500ක් දක්වා වැඩි කරන බවත් ඉන්දීය අගමැති මෝදි සිය කතාවේදී කීය.

ප්‍රංශයේ පැරිස් නුවර දී පොරොන්දු සහ එකඟ වූ ඉලක්කවලට අනුව කටයුතු කරන එකම රට ඉන්දියාව  යැයි ද අගමැති මෝදී සමුළුවේදී පැවැසීය.

(ඒ.එන්.අයි.)



අදහස් (0)

ගන්නා පියවර ලෝකයාට කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 206 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site