රිච්ටර් මාපක අගය 7.4 ක් වූ ප්‍රබල භූකම්පනයකින් ගෝතමාලාවට බොහෝ හානි සිදුවිය. භූමිකම්පාවෙන් පුද්ගලයන් 40 ක් පමණ මිය ගොස්, නිවාස හා ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශව ඇති බව ද, තවත් බොහෝ දෙනාකු සුන්බුන් අතර සිරවී සිටින බවද වාර්තා විය. වැඩිපුරම හානි සිදුවූයේ ගෝතමාලාවේ වෙරළබඩ ප්‍රදේශයටයි. භූකම්පනයෙන් පසුවද කුඩා පරිමාණයේ පසු කම්පන 5 ක් පමණ ඇතිවූ බව දිවි ගලවාගත්තෝ කියති. විපතට පත්වූවන්ට සහන සැළැසීමට බළධාරීන් හා ආරක්ෂක අංශ මේ වන විට කටයුතු කරමින් සිටී. භූකම්පනයේ ප්‍රභලත්වය නිසාම එය මෙක්සිකෝව, එල් සැල්වදෝරය වැනි ප්‍රදේශ වලටද දැනී ඇති බව කියැවේ. පැසිෆික් සාගර කලාප සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය සුනාමි අනතුරු ඇගවීමක්ද නිකුත් කර කළේය. 1976 දී ජීවිත 22000 ක් විපතට පත් කරමින් ගෝතමාලාව හෙල්ලු භූකම්පනයට පසුව ගෝතමාලාවේ ඇතිවූ ප්‍රභලතම භූකම්පනය මෙය බව කියැවේ. (කෝ වි ගු)
1
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ බලවත් කණගාටුව! (නි)
ලෝක විනාසය ගැන කීයු " මායා දිනදර්ශනය " මේ අයගෙද ?(ස)