ගැහැණුන් ඩෙනිම් කලිසම් ඇඳීම හේතුවෙන් භූමිකම්පා වැනි අපල උපද්‍රව ඇති වන බව පකිස්තානයේ ජමියත් උලේමා ඉස්ලාම් ෆාසි පක්ෂයේ නායක මවුලානා ෆස්ලූර් රහ්මන් මහතා පවසයි.
එසේම ඩෙනිම් කලිසම් පැළඳගෙන පකිස්තානයේ සැරිසරන කාන්තාවන් ආරක්ෂක අංශ විසින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද ඒ මහතා එරට පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කියා ඇති බව විදේශ වාර්තා කියයි.
ගැහැණු පිටිගෝනියක් වගේ ඇඳුම් පැළඳීය යුතු බවද එසේ ඇඳුම් නොඅදින ගැහැණු යුද ආයුධයකට උපමා කර ඇති ඒ මහතා පකිස්තානයේ පිපිරෙන බෝම්ම වලටද ගැහැණුන්ගේ ඩෙනිම් උපමා කර ඇති බව සඳහන් වෙනවා.
තවද ඩෙනිම් කලිසම් අඳින ගැහැණු එළියට බසින්නේ නැතුව ඇතුළට වෙලා ඉන්නවා නම් තලේබාන්වරුන් පකිස්තානයට ප්‍රහාර එල්ල නොකර සිටිනු ඇති බවද ඒ මාධ්‍ය හමුවේදී මවුලානා ෆස්ලූර් රහමන් මහතා පවසා ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘ගෑණු ඩෙනිමෙන් පකිස්තානයට භූමි කම්පා‘
ශාන් Wednesday, 03 June 2015 01:53 PM
අන්දරේගේ අනුගාමිකයෝ තව ඉන්නවා එහෙනම්... (ර)
අසංග Tuesday, 02 June 2015 02:09 PM
කෝ අනේ අපේ ලංකාවේ කට්ටිය? කොහේ ගිහින්ද? ඕක ලංකාවේ කිවුවා නම් ගුටිත් කන්න වෙනවා අපේ කාන්තාවන්ගෙන් (නි)
ජෙහාන් Tuesday, 02 June 2015 02:22 PM
දැන් එතකොට අපි අමුඩ කෙටියක් ගහගෙන කුඹුරට බැස්සොත් ගිනි කඳු පුපුරනවා කියාවිද දන්නේ නැහැ (නි)
සරසි Wednesday, 03 June 2015 06:26 AM
එතකොට මීරියබැද්දේ බවලතුන් ඔක්කොම ඩෙනිම් ඇඳගෙනද හිටියේ අර නාය යාම සිදු වෙන්න කලින් ? (බ)
ශෙනුකී Tuesday, 02 June 2015 02:24 PM
අනේ අපේ ඩෙනිම් ඇන්දට පස්සෙද පාකිස්තානෙ හෙල්ලෙන්නේ....? කොහොමද අපේ වැඩ? (නි)
දුල්මි Tuesday, 02 June 2015 02:32 PM
වැඩිය ඕනෑ නැහැ . අපේ ඔසරියට වෙලා තියන දෙය හොඳටම ඇති. දැන් ඒකේ හැට්ටය කියලා දෙයක් නැහැ. අඳින විදියට කොයිවෙලේ කඩා වැටේවිද දන්නේ නැහැ. සමහර විවාහ උත්සව වල මනමාලිගේ ඔසරිය පහළින් මැක්සියක් කරලා. මම ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකුගේ විවාහයේදී මනමාලිගේ ඔසරියට කරලා තිබුන විකාරය ගැන කියන්නේ. ඒ නිසා ඩෙනිම හොඳයි. අඩු ගානේ කඩා වැටෙන්නේ නැතුව තියෙයිනේ. (නි)
සමන්ති Wednesday, 03 June 2015 02:45 PM
අසන දේ සිතා බලා ගැළපෙයි සිතෙනවා නම් එකඟවීමත්, කාන්තාවන්ට සමානත්වයත් දෙන්නේ නැතිව කරන දේ? (නි)
ජිලාන් Tuesday, 02 June 2015 03:03 PM
ඩෙනිම ඇන්ඳහම භුමි කම්පා ඇති වෙන්නේ කොහොමද? ඒක ගළවලාවත් ගියා නම් ඔන්න එහෙම දෙයක් හිතන්නවත් තිබුණා (නි)
කින් බෙනට් Tuesday, 02 June 2015 04:09 PM
ගෑනු ඩෙනිම් ඇන්දම පිරිමින්ගේ කලිසම් සරම් වලට නම් භූමි කම්පා ඇති වෙන්න තියෙන ඉඩ වැඩියි ..(හේ)
නිහාල් Tuesday, 02 June 2015 04:38 PM
මේක ශීත රටවල කම්කරු ඇඳුම නිසා කම්කරු රැකියා කරන කාන්තාවන් ඇඳිය යුතුයි (නි)
ලලිත් Tuesday, 02 June 2015 04:44 PM
අපේ උන්දෑ නම් ඩෙනිම් තියා මොකක් ඇන්ඳත් පිටි ගෝනිය වහේ තමයි. (නි)
සම්පත් Tuesday, 02 June 2015 04:45 PM
මොවුන්ට නම් තියෙන්නේ මාර මොළයක් තමයි.වසරේ අලුත්ම සොයාගැනීම. (නි)
චමිලා Tuesday, 02 June 2015 05:10 PM
දැන් ඉන්දීය ආණ්ඩුවට තියෙන්නේ ගැහැණුන්ට ඩෙනිම් අන්දලා පාකිස්තානු දේශ සීමාවට අරින්න. රණ්ඩු කරකර ඉන්න ඕනෑ නැහැ. එක සැරෙන් පාකිස්තානය ඉවරයි (නි)
සෙනරත් Tuesday, 02 June 2015 05:17 PM
කින් බෙනට්, මේ කියන අයටත් තියෙනවා ඇත්තේ ඒ අසනීපය තමයි. ඒකෙන් බේරෙන්න කතාව පාකිස්තානය පිට දාන්න හදනවා ඇති. (නි)
සෑම් Wednesday, 03 June 2015 08:13 AM
මට හොඳටම හිනා. මගේ හිනාවටත් බූමි කම්පා ඒවිද දන්නේ නැහැ.(නදී)
රංග Wednesday, 03 June 2015 08:28 AM
ඩෙනිම් කාන්තාවට ඉතා පහසු ඇඳුමක් වෙන නිසානේ අපේ බවලතුන් හත් අවුරුද්දක් හෝදපු නැති ඩෙනිම් අඳින්නේ. (ම)
සමන් Tuesday, 02 June 2015 08:28 PM
හිටපු ජනාධිපකි සාත්තර විශ්වාස කළා වගේ තමයි (නි)
පින්තු Wednesday, 03 June 2015 05:21 PM
කාන්තාවන් ඩෙනිම ඇන්දහම ගොඩක් මිනිසුන්ගේ සිත් වලනම් භූමිකම්පා ඇතිවෙන්න තියන ඉඩකඩ වැඩි ඇති (නි)
සුරන් Wednesday, 03 June 2015 08:40 AM
මේ මිනිස්සු කාන්තාවන් යටපත් කරගෙන ඉන්න හදන්නේ. ලෝකේ වෙනස් වෙන විදිහට එයාලගේ කාන්තාවෝ වෙනස් උනොත් මෙයාලගේ ආගම කෙසේ වෙතත් ගැහැණු අයව වහල් කමේ යොදාගන්න බැරිවෙනවා (නදී)
රංග Wednesday, 03 June 2015 08:44 AM
ඩෙනිම ජනප්‍රිය වීමේ අනෙක් හේතුව තමයි කාර්යබහුල කාන්තාවන්ට එය හත් අවරුද්දකින් නොසෝදා වුනත් භාවිතයට ගන්න හැකි වීම. (නදී)
මහේෂ් Wednesday, 03 June 2015 08:58 AM
මේ ගල් යුගයේ ආගම් හා මතවාද ලෝකයේ තහනම් කල යුතුය. ලෝකය ආපස්සට ඇදගෙන යන නිදහස් චින්තනයක් නැති උම්මත්තකයන් පිරිසක්. (නදී)
රුකී Wednesday, 03 June 2015 12:28 AM
දැන් එතකොට පාකිස්තානේ පිරිමි මොනවද අඳින්නේ? ඩෙනිම කොච්චර පහසුද? (නි)
නෙවිල් Wednesday, 03 June 2015 12:38 AM
පිවිතුරු යහපාල නම් ඩෙනිම් ඇන්දොත් ඉවරයි. ඊයේ මෙතන සභාවේ කට වරද්දාගත් හැටියට පාඨක බවලතුන් එයාගේ ඩෙනිම ඔලුවෙන් ගළවන්න ලැහැස්ති වෙලා ඉන්නේ. (නි)
අචිනි Wednesday, 03 June 2015 09:27 AM
ලලිත්,ගෙදර උන්දැට අපහාස නොකරන්න.එයා බැඳපු අලුත හීනියට ඉන්න ඇති. (බ)
පැසී Wednesday, 03 June 2015 09:30 AM
කාන්තාවනි ඩෙනිම මට දෙනු. මම ඇඳගෙන යමි. (බ)
සමිත Wednesday, 03 June 2015 10:23 PM
ඇල්බට් අයින්ස්ටයින් කියා තියනවා විශ්වයට සීමාවක් තිබෙන්න පුළුවන්, එහෙත් මුග්ධයාගේ අනුවණකමට සීමාවක් නැහැ කියලා. (නි)
දීපමාල් Wednesday, 03 June 2015 01:57 AM
අද කාලෙ ගොඩක් ගැහැණු අයට(ගැහැණු ළමයින්ට) අදින්න කලිසම් නැතුව වෙන එකක් තියෙනවද? (නදී)
කුමාර Tuesday, 02 June 2015 11:28 AM
මචෝ උබට පිස්සු නැත්නම් නියමයි (බ)
නුවන් Tuesday, 02 June 2015 11:36 AM
මේ වගේ මිනිස්සු සහ මෙයාලගේ අනුගාමිකයෝ තමා මේ ලෝකේ ඉන්න මෝඩ ඔටුවෝ!! (බ)
චතුරි Tuesday, 02 June 2015 11:50 AM
එක. මුස්ලිම් නායකයෙක් කිව්වා. ලෝකබෝලේ කැරකෙන්නේ නැහැ කියලා. මේ එයාගේ. අයියා ඇමරිකාවට ආවානම් බලාගන්න පුළුවන් මේ අය බිකිනියෙන් දමන සෙල්ලම මේහේ ඉන්න මුස්ලිම් මිනිස්සු මෝඩ නැහැ බාගයක්ම කට්ටිය තමන්ගේ නිදහස උපරිමයෙන් බුක්ති විදිනවා. කාටවත් හිරිහැරයක් නැහැ (බ)
සඳුන් Tuesday, 02 June 2015 11:55 AM
ගෝත්‍රික මිනිස්සු අතර ඔහොම කතා තියෙනවා කියලා පොත්වල කියවලා තියෙනවා. අපේ අය අතරත් ඔහොම ඒවා තිබෙනවා. ඒකනේ සාත්තරකාරයෙක් රට වෙනස්කළේ. (නි)
ශාන සෞදි Tuesday, 02 June 2015 11:59 AM
මට කටට එන දේවල් මේකේ ලියන්න බැහැ (නි)
පිටබැද්දර ජයා Wednesday, 03 June 2015 11:03 AM
පොලිසියට ගල් ගහනව කිව කතාවට දෙවෙනි නැහැ මේ කතාව , මේ ඔක්කොම ලිං මැඩියෝ , මගේ ඉන්නවා මිතුරෙක් පාකිස්තාන් . දවසක් ලොතරැයියක් දාන්න හදනකොට මම නිකමට ඇහුව ඔබලාගේ ආගමට අනුව ලොතරැයි දාන එක තහනම් නේද කියල ? මිනිහ මට හොඳ උත්තරයක් දුන්න , ඒ කාලේ ලොතරැයි තිබුනේ නැහැනේ එක නිසා අවුලක් නැහැ කීව , මෙන්න මේ වගේ කාලින විදියට හිතන පතන මිනිස්සුත් ඒ ආගමේ ඉන්නවා . (ස)
සහන Tuesday, 02 June 2015 12:07 PM
මේ මිනිස්සු තාම ඉන්නේ ගල් යුගයේද? කොච්චර කිව්වත් අහන්නෙත් නැහැ,මෝඩ ගති යවාගන්නෙත් නැහැ. (නි)
සරත් Tuesday, 02 June 2015 12:09 PM
මට මතක් වෙනවා එක මුස්ලිම් දේශකයෙක් කියලා තිබුනා ඒගොල්ලන්ගේ ආගම නව විද්‍යාවටත් අභියෝග කරනවා කියලා. (නි)
ජනක Tuesday, 02 June 2015 12:10 PM
මේ මිනිසුන්ගේ මොළය තියෙන්නේ කොහෙද කියලා බලන්න ඕනෑ (නි)
ලාල් Tuesday, 02 June 2015 12:10 PM
මේ වගේ මෝඩ කතා කියන්නේ මෝඩකම හින්දාම නෙමෙයි. ලංකාවේ සංස්කෘතියට අනුකූල ලෙස හැඩගැසී ඉන්න ඔය ජාතියේ අය ළඟ නම් ඔය ලකුණු දකින්න ලැබෙන්නේ බොහෝම අඩුවෙන්. (නි)
හෙට්ටිආරච්චිගේ Thursday, 04 June 2015 02:19 AM
මොළේ ඇත්තෙම නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
විමලසිරි Tuesday, 02 June 2015 12:23 PM
අනේ ඇත්තට මෙහෙමත් කතා? (නි)
ධනීෂා Wednesday, 03 June 2015 04:09 AM
හිනා යන කතා කියන තරඟයක් එහෙ තිබුනද ලඟදි (බ)
දමිත් හේමන්ත Wednesday, 03 June 2015 04:10 AM
මේ වගේ බූරුවෝ මේ ලෝකේ ඉන්නකල් භූමිකම්පා ඇති වෙනවා (බ)
සුදේශ් Wednesday, 03 June 2015 04:16 AM
ලංකාවේ ගැහැණුන් අඳින ඇඳුම් වල හැටියට නම් අමුඩයත් හොඳ වැඩියි (නි)
ජෝසෆ් පෙරේරා Tuesday, 02 June 2015 12:35 PM
මේ කතාව සම්පූර්ණ ඇත්ත. ලෝකය ඹසවන්න ඉන්න කැස්බෑවා මෙම කාන්තාවන් දැක කලබල වෙනවා. එතකොට පොලව සෙලවෙනවා. බටහිර රටවල හැමෝම බිකිනි අඳින නිසා කැස්බෑවට ගානක් නෑ. ඉතින් පොලව හෙල්ෙලන්නෙත් නෑ. (ර)
ලලිත් Tuesday, 02 June 2015 12:41 PM
ඇත්ත කතාව. (ර)
විශ්ව Wednesday, 03 June 2015 04:31 AM
ඒ කතාවේ ඇත්තක් තියෙනවා හොඳින් හිතලා බැලුවහම. (නි)
දුමින්ද Tuesday, 02 June 2015 12:49 PM
සීලාචාර ඇදුම හොද දෙයක්. (ර)
රූපාවතී Thursday, 04 June 2015 03:59 AM
ආගමක රටක නායකයෙක් උනාම මෙයිට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ. ආදර්ශමත් වෙන්න ඕනේ, අලුත් දේ සමග මිනිස් හදවත් වලට එබිකම් කරන පුරුද්දක් නැතිව රටක් දෙස බලන්න ලෝකය ඉදිරියේ දෙපයින් හිටගන්න බැහැ (ම)
අරුණ Tuesday, 02 June 2015 01:30 PM
අපේ චීත්තේ ,හැට්ටය ,ගවුම ,අපේ ඔසරිය තව ටික දිනකින් කෞතුකාගාර ගතවනවෙන දිනය වැඩි ඈතක නොවේ. ස්වාමී භක්තිය නැතිවෙලා ,උතුම් කාන්තා රත්නයකට හිමි ගෞරවයත් නැති කරගෙන (නි)